මෙට්ට නිශ්පාදය කරන කර්මාන්ත ශාලාවක යන්ත්රසූත්ර ඇතුළු උපකරණ තොගයක් සොරකම් කල එම ආයතනයේම ප්රධාන ආරක්ෂක නිළධාරියා ඊයේ (17දා) රාත්රි අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
පැල්පොල ප්රදේශයේ මෙට්ට නිශ්පාදනය කරන ආයතනයක නිශ්පාදන කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කරනලද පරීක්ෂණ වලින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ යන නිලධාරීයාට සැකසිතී එම ආයතනයේම ප්රධාන ආරක්ෂක නිලධාරීගෙන් කරන දීර්ඝ ප්රශ්න කිරීම් වලින් පසු සොරකම් කල යන්ත්ර සූත්ර සොයාගෙන ඒ සදහා යොදාගත් ත්රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරු කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය /වාද්දුව දයා හේමන්ත සිල්වා