හැටන් කොටගල සිට හැටන් දික්ඔය මුලික රෝහල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්රිරෝද රථයක් ප්රධාන මාර්ගය අසල පිහිටි කාණු පද්ධතියකට පෙරළී අනතුරට පත්විමෙන් ත්රිරෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද (18දා) උදැසන හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති ත්රිරෝද රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව ත්රිරෝද රථය මාර්ගය හරහා පෙරලි ඉදිරියට ඇදි ගොස් ත්රිරෝද රථයේ ඉදිරිපස රෝදය කාණු පද්ධතියට වැටිමෙන් මෙම අනතුර සිදු වි ඇත.
ත්රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ ත්රිරෝද රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති බවත්, අනතුරෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.


