කොළඹ සරසවියේ සිසුන් 370ක් හන්තානේ සිරවෙති
කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 370 දෙනෙකු ඊයේ (17දා) පස්වරුවේ හන්තාන කන්ද තරණය කිරීමෙන් අනතුරුව සවස් කාලයේ එහි පැවති අධික මීදුමක් අඩු ආලෝකයක් හේතුවෙන් පැමිණි මාර්ග සොයා ගැනීමට නොහැකිව සිටියදී පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අද (18දා) නැවත පහලට රැගෙන ඒමට සමත් ව තිබේ .
බස් රථ වලින් මෙම සිසුන් පිරිස මහනුවරට පැමිණ එදින පස්වරු 03.30 ට පමණ හන්තාන කන්ද තරණය කිරීම ආරම්භ කොට ඇති අතර එක්වරම හන්තාන කන්ද වෙලාගත් මීදුම සහ අඩ අඳුර හේතුවෙන් ඔවුන්ට යන එන මං සොයාගැනීමට නොහැකිව පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුම් දී ඇති අතර පොලිසිය යුද හමුදාවේ ද සහය ලබාගෙන සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර ප්‍රදේශවාසීන් ද ඒ සඳහා සහය ලබාදී තිබේ .
පොලිස් ප්‍රකාශකයෙකු පවසා සිටියේ අධික ශීතල හේතුවෙන් බොහෝ සිසුන්ගෙ කෙණ්ඩා පෙරළීම් ඇතුළු විවිධ රෝගාබාධවලට ඔවුන් මුහුණ දී සිටි බවයි .
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Alfred Saturday, 19 February 2022 05:13 AM
කොල්ලො එහෙ විරොදතා පවත්වනවා ඇති මේ වෙන්කොට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

