මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ආරක්ෂාව සපයන්නැයි පොලිසියට නියෝග
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නැයි කැස්බෑව මහේස්ත්‍රාත් රුවන්දිකා වීරසිංහ මහත්මිය අද ( 18දා) පොලිසියට නියෝග කළාය .
ඒ තමාට ආරක්ෂාව සපයන ලෙසට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෝසමක් මාර්ගයෙන් කැස්බෑව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව පොලිසියේ සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට අධිකරණය නියෝග කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසටයි.
පිළියන්දල ගංගාරාම පාරේ පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඉකුත් (14දා) අළුයම කිසියම් පිරිසක් පැමිණ කළ මැර ප්‍රහාරයෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
සිද්ධියෙන් දින පහක් ඉක්මගොස් ඇතත් මේ දක්වා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති නිසා එම විමර්ශන අවසන් වන තෙක් තමාට සහ තම පවුලට ආරක්ෂාවක් සපයන ලෙසට මහජන ආරක්ෂාව භාර ඇමතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් තම පවුලට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෙහිදී මාධ්‍යයට කියා සිටියේය .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


popular news
-
samson de silva Saturday, 19 February 2022 02:47 AM
Den ithin hema ekekutama puluwan kawuru hari lawwaa thamangey gedarata assochi prahaarayak gassawaagena, thamanta janathaa salliwalin aarakshaawa sapayaaganna. Monawada yako, mey wihilu!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

