යහපත් මට්ටමක කොවිඩ් පාලනයක් රටට උදාකර ගත්තා
ශ්‍රී ලංකාවේ සාර්ථක එන්නත්කරණය තුළින් යහපත් මට්ටමක කොවිඩ් පාලනයක් රටට උදාකර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපටන් (Michael Appleton) මහතා හමුවේ පැවසීය.
මෙම තත්ත්වය තුළ රටෙහි ජනතාවගේ ජීවිත අවදානම අවම කරගැනීමට හැකි වූයේ යැයිද එමෙන්ම ආසාදිතයන් හා ඉන් රෝහල් ගත වන ප්‍රමාණය ඉතා අවම මට්ට්මකට ගෙන ඒමට හැකි වූ බවද අමාත්‍යවරයා කීය. නවසීලන්ත මහ කොමසාරිස්වරයා අද (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
කොවිඩ් පාලන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ සිට පහළ දක්වා සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළම කැපකිරීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා නවසීලන්ත මහ කොමසාරිස්වරයා හමුවේ මෙහිදී පැවසීය.
ව්‍යසනය ආරම්භක අවස්ථාවේ සිට ඇතැම් රටවල් වලින් ඉහළ දායකත්වයක් ලැබුණු බවද එය ශ්‍රී ලංකාව වැනි රටකට මහත් ශක්තියක් වූ බවද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සඳහා නවසීලන්තය දැක්වූ දායකත්වයට ස්තූතිය පිරිනමන බවත් විශේෂයෙන් නවසීලන්තයේ කොවිඩ් පාලනයේ සාර්ථකත්වය පිළිබඳව සතුටු වන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.
popular news
-
Demuni Uduwara Sunday, 20 February 2022 02:54 AM
Mr. Minister, what about unusual daily deaths? We are the highest in Covid-19 deaths per million in South Asia. As at date we have recorded 741 deaths; India reports 365. Lowest is from Bhutan amounting to 6 deaths!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

