මාතලේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවාලයේ වාර්ෂික තේරු උත්සවය ඊයේ (17දා) පැවැත්විණි.
සෞඛ්‍ය නිර්දේශ අනුව චාරිත්‍රවලට පමණක් සිමා කර තිබු මෙම තේරු උත්සවය සදහා බැතිමතුන් එක්ව සිටි අතර තේරු රථ මත දේව ප්‍රතිමා වැඩමවිමෙන් අනතුරුව මාතලේ නගරය වටා විථි සංචාරය කෙරුණි.
මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ,පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක,මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න


