saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6129 hours ago

LATEST

තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමු වෙයි

calendar_today 2021 නොවැ 19 - 14:16 remove_red_eye - 751  

තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව​ට ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටියි.

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

Read More

දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් සාමාජිකයන් තමන් වෙත එල්ල කරන චෝදනා පිළිබඳව විවෘත සංවාදයකට පැමිණෙන ලෙස සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනාවක් කර තිබේ.

Read More

අහිතකර ජීවීන් අඩංගු චීන පොහොර තොගය අයත් චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝකරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

කොළඹ දී පවත්වන ලද තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ ප්‍රධාන දේශනය පැවැත්වූ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ 2021 වර්ෂයේ තිරසාර සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල වූ අභියෝග හමුවේ වුවද ගෝලීය ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 07 කින් ඉදිරියට පැමිණ ඇති බවයි.

Read More

ලෝක පාපන්දු සම්මේලනයේ ( FIFA ) සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ මහතා අද (19දා) උදෑසන දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .ඔහු සමග ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

Read More

රජය විසින් අපේ රටේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලීම සඳහා මාස 10කට ලබාදුන් රුපියල් 10,000ක් වටිනා පෝෂණ මල්ල මාස 24ක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩ සටහන සඳහා රජය මෙතෙක් වැය කළේ රුපියල් මිලියන 4000ක්. මෙවර අයවැයෙන් එම මුදල රුපියල් මිලියන 5000 දක්වා තවත් මිලියන 1000කින් වැඩි කර තිබෙනවා.

Read More

අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොවිබිම් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්මය අමාත්‍යාංශ පවසයි.

Read More

විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් විසින් තංගල්ල පොලිස් වසමේ දී සිදුකරන ලද වැටලීමක දී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 41 ක් වන පුද්ගලයකු දංකැටිය, තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read More

පසුගියදා ඇතිවූ බදුලු ඔය ගංවතුරෙන් පසුව එයින් බලපෑමට ලක්වූ ප්‍ර දේශවල ඩෙංගු හා මී උණ රෝගීන්ගේ වැඩිවීමක් ඇතිව තිබෙන බව බදුල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 163789කට බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන්ව තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (19දා) සිට බලාපොරෝත්තු විය හැකි බ ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ද චෙන්නායි බ්‍රේව්ස් යනුවෙන් නව කණ්ඩායමක් මෙවර තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කර ඇති අතර, එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකයි.

Read More

’’BRII-196/BRII-198 ඖෂධ චීනයේ රෝගීන් 700කට වැඩි පිරිසකගේ සායනික ප්‍රතිකාර සඳහා භාවිත කර ඇති අතර, නිවසේදී සහ විදේශයන්හි සායනික අත්හදා බැලීම් දත්ත පෙන්වා දෙන්නේ එම ඖෂධ මගින් දරුණු රෝග ලක්ෂණ සහ මරණ අනුපාතය 78%කින් අඩු කළ හැකි බවයි’’ මහාචාර්යවරයා පැවසීය.

Read More

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන අදියර අද(19) ආරම්භ වීමට නියමිතයි.

Read More

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ශේන් මැක්ඩර්මෝට්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More

වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම, මහජන ක්‍රියාකාරකම්වල වැඩිවීම, සේවා ස්ථානයට නැවත පැමිණීම සහ දෙවැනි මාත්‍රාවෙන් එකෙන් මාස හයකට පසු නිර්දේශ කරනු ලබන බූස්ටර එන්නත් ලබාදීම මන්දගාමී වීම මෙසේ ආසාදන වැඩිවීම සඳහා හේතු වී ඇති බව කියයි.

Read More

අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

මේ දින වල සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුන වන බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු හිරු බැස යෑමෙන් පසු බටහිර අහසේ එක පෙලට සිටින සේ දැක බලා ගැනීමට අපට අවස්ථාව ලැබෙන අතර, වසර 580 කට පසු සිදු වන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය නොවැම්බර් 19 වන දින සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Read More

ඉන්දියානු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිත කරන්නන් සඳහා App වෙළෙඳසැල් 80ක් පුරා ණයදෙන යෙදුම් 1,100ක් තිබී ඇති අතර, ඉන් යෙදුම් 600කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ණය යෙදුම් බව කියයි.

Read More

කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් විවිධ මාර්ගෝපදේශ නිකුත් කළත් අද (18දා) දිනයේදී තංගල්ල පරෙවි වැල්ල වෙරළ උද්‍යානයට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.

Read More

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්ද්රේස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් පසුගියදා කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

යුක්රේනයේ නාවික හමුදාව නංවාලීම සඳහා බ්‍රිතාන්‍ය ගිවිසුමක් ගැන ආන්දෝලනයෙන් පසුව, එලැඹෙන දෙසැම්බර් වන විට ක්‍රිමියාවට නව පැරෂුට් රෙජිමේන්තුවක් යොදවන බව රුසියාව තහවුරු කරයි.

Read More

පිළිමතලාව මහ විද්‍යාලයේ 8 වසර සිසුවකු පාසලේ දී කළ වරදක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම සිසුවා ගේ පියා පාසලට කැඳවන ලෙස එම විදුහලේ විදුහල්පතිවරයා සිදුකළ දැනුම්දීමකට බියට පත් වූ එම සිසුවා කම්බියක් යොදාගනිමින් ගසක එල්ලී සියදිවි නසාගැනීමට තැත්කිරීමේ ශෝකජනක සිද්ධියක් පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.

Read More

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර තිබේ.

Read More

පැපුවා නිව්ගිනියාවේ කොකෝපෝ සිට කිලෝමීටර 189ක් දුරින් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (18) දින මාර්ගගත ක්‍රමවේදය යටතේ සිදුවිය.

Read More

ලබන 22 වැනිදා සිට ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.