අම්බලන්ගොඩ මාදම්පා අභය භුමියේ මීට ස්වල්ප වෙලාවකට පෙර ඇතිවූ හදිසි ගින්නකින් එම අභය භූමියට දැඩි අලාභානි සිදුව තිබේ.
මේ වනවිට එම අභය භුමියේ අක්කර හතක පමණ වපසරියක් මේ ගින්නෙන් විනාශවී ගොස් ඇත .
ගින්න තවමත් පැතිරෙමින් පැවතියද එය නිවා දැමීමට මේ වනවිටත් කිසිදු බලධාරියෙක් පියවරගෙන නොමැත.
ගින්නෙන් මේ අභය භුමියට ආවේනික සත්ව හා ශාක විශාල ප්රමාණයක් විනාශවී ගොස් ඇති බවද පරිසරවේදීහු කියති .අම්බලන්ගොඩ පෝරඹ ප්රදේශයෙන් මේ ගින්න හටගෙන ඇත .මෙය ගිනි තැබීමක් ද නැතහොත් මේ දිනවල පවතින දැඩි නියගය නිසා හටගත් එකක්ද යන්න කිව නොහැකි බව පරිසරවේදීහු කියති .
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත


