ජනතා විරෝධය මේ වන විට දේශපාලකයන්ගේ ගෙවල් ඉදිරිපිටටද ගොස් තිබේ. රජයේ මැති ඇමතිවරන්ගේ නිවාස ඉදිරිපිටට ගොස් ජනතාව මේ වන විරෝධය දක්වමින් පවතී.
ආමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජනක බන්ඩාර තෙන්නකෝන්, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අයගේ නිවෙස් අසළ ජනතාව විශාල ලෙස රැස්වී විරෝධතා දැක්වීමට කටයුතු කර තිබේ.
මීට අමතරව රාජපක්ෂවරුන්ගේ තිඹිරිගෙය වන තංගල්ල කාල්ටන් නිවසද වැටලීමට ජනතාව කටයුතු කළේය.
එසේම කෑගල්ලේ පැවැති විරෝධතාවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එක්වීමට විරෝධය දැක්වීමට විරෝධතාකරුවන් කටයුතු කරනු ලැබීය.