රට ස්ථාවර කිරීමට ජනතා සහාය ජනපති ඉල්ලයි
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරු 04දෙනෙකු අද (04) පෙරවරුවේ පත් කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
විදේශ කටයුතු සහ මුදල් කටයුතු අමාත්‍ය ධුර සහ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙක් සහ ප්‍රධාන සංවිධායකවරයෙක් පත් කරගැනීමට අවශ්‍ය බැවින් මෙම ඇමතිවරුන්ගේ පත්කිරීම සිදුකරන ලද බවද එම නිවේදනයේ දැක්වෙයි.
රටේ පවතින ජාතික අභියෝගය විසඳාගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇතැයිද ඔවුන් සමග ඉදිරියේ දී සාකච්ඡා කර,ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.
රටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරගැනීමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාමට සමස්ත ජනතාවගේ සහාය ද ජනාධිපතිවරයා ඉල්ලා සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (04) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,
- අධ්‍යාපන - දිනේෂ් ගුණවර්ධන මහතා (සභානායකවරයා)
- විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
- මහාමාර්ග - ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක)
- මුදල් - අලි සබ්රි මහතා
popular news
-
CITIZEN Monday, 04 April 2022 07:23 AM
Janatha sahaya : Oya Gedera Yanna , GOTA GO HOME
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

