ඉන්ධන පිරවුම් හල් වල ඩීසල් නොමැති කම හේතුවෙන් ජා-ඇල නගරයේ කසල ඉවත් කිරීම ගැටළු සහගත තත්වයකට පත් තිබෙන බව නගර සභා සේවකයින් පවසයි. නගරයේ කසල ඉවත් කරන ටැක්ටර් ඇතුළු රථ වල ඩීසල් නොමැති වීම හේතුවෙන් එම රථ අද(04දා) වන විට ඩීසල් පෝලිම් වලට එක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ජා-ඇල නගරාධිපති ශම්මික ඩයස් මහතාගෙන් විමසා සිටියදී ඒ මහතා පැවසුවේ නගර සභාවේ රථ සදහා ඩීසල් ලබා ගැනීමට ගිවිසුම් ගතව සිටින සිපෙට්කෝ ඉන්ධන හලේ ඩීසල් නොමැති වීම නිසා කසල ඉවත් කිරීම ගැටළුවක් බවට පත්ව තිබෙන බවයි.
ජා-ඇල ප්රසංග පෙරේරා
