නව ශ්‍රී ලංකාවක් ආරම්භ වන්නේ නායකත්වයේ වෙනසකින් පමණක් නොවන බවත් ශක්තිමත් ආයතන සමගින් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ අන්තර්වාර ආණ්ඩුවක් යනු අභ්‍යන්ත පක්ෂ දේශපාලනය මිස වෙන කිසිවක් නොවන බවයි.
"අපට ඉල්ලා අස්වීම් අවශ්‍යයි, පසුව අපට අවශ්‍යයි වැඩ කරන දේශපාලන ආකෘතියක්. නව ශ්‍රී ලංකාවක් ආරම්භ වන්නේ නායකත්වයේ වෙනසක් පමණක් නොව ශක්තිමත් ආයතන සමඟිනි. අන්තර්වාර ආණ්ඩුවක් යනු අභ්‍යන්තර පක්ෂ දේශපාලනය මිස අන් කිසිවක් නොවේ." යැයි ඔහු පවසයි.