පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති සරළ බහුතරය පවා අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීර්ණය කිරීමත් සමගිනි.
ආණ්ඩුවට ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාවෙන් පක්ෂ 11ක එකමුතුවේ පිරිසක් දැනටම ආණ්ඩුවෙන් ඉවත්ව තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද ආණ්ඩුවෙන් ඉවත්වන බවට දැනුම් දෙමින් ජනපතිවරයා සතියක කාලයක් ලබාදෙමින් ලිපියක් යොමුකර තිබේ.
එවන් තත්ත්වයක් තුළ අවම වශයෙන් තවත් මන්ත්‍රීවරු 25කට ආසන්න සංඛ්‍යාවක් ආණ්ඩුවට සහාය නොදීමට තීරණය කළ හොත් ආණ්ඩුවේ සරල බහුතරය පවා අභියෝගයට ලක්වෙයි.මේ පිළිබඳව ඉඟියක් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් අද මාධ්‍ය වෙත ලබාදුන්නේය.
“පැහැදිලිව අපේ මතේ කියලා තියෙනවා. කරන්න පුළුවන් කෙනෙක්ට භාර දෙන්න කියලා. ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරනවානම් විවිධ උපක්‍රම හරහා මේ ආණ්ඩුව අරගෙන යන්න අපි පැහැදිලිවම මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පුද්ගලයේ විදිහට ආණ්ඩුවේ 113 නැති කරලා, ආණ්ඩුවේ පාලන බලය වෙන අයට දීලා ආණ්ඩුවේ ඉන්න පිරිස් සමග විපක්ෂයේ කාර්ය භාරය කරන ගමන් ඒ ආණ්ඩුවට සහයෝගය දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කිසිම තනතුරක්, කිසිම වරප්‍රසාදයක් නැතිව රටේ ජනතාව මුහුණ දීලා තියෙන ප්‍රශ්න නිසා.
ඒ නිසා ඉතාමත් පැහැදිලිව කියන්නේ හෙට පාර්ලිමේන්තුව තුළ අපි බලාපොරොත්තු වෙනවා 50කට අධික කණ්ඩායමක් ස්වාධීන වෙලා අපි ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා ජනතාව ඉල්ලන ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා අපේ මේ ආණ්ඩුව අයින් වෙලා විපක්ෂයේ ඕන කෙනෙක්ට ආරාධනා කරලා ඒ ආණ්ඩුව කරගෙන යන්න සහයෝගය දෙන්න කියලා”