saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6110 hours ago

LATEST

Kandy Warriors කණ්ඩායමට ලකුණු 191ක ඉලක්කයක්

calendar_today 2021 දෙසැ 06 - 16:45 remove_red_eye - 338  

LPL තරගාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 190 රැස් කිරීමට සමත් විය.

යහපාලන ආණ්ඩුව සමයේ නිවාස අමාත්‍යාංශයේ මුදල් වංචාවක් සිදු වූ බවට සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා එල්ල කරන බවත් වැරැද්දක් තිබේ නම් අධිකරණයට යා යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ ඇතිවූ ප්‍රශ්නය සම්බන්දයෙන් පක්ෂනායක රැස්වීමේදී කථානායකවරයා ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කළ බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

LPL තරඟාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

ග්‍රාමීය අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා 2024 වර්ෂය වන විට නිවාස 71,110ක් ඉදිකිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව ලිට්‍රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොමැති බවට පණිවිඩයක් රටට ලබා දීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී උත්සහ කළ බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති චෝදනා 22 ක් අතුරින් චෝදනා 11කින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කර තිබේ.

Read More

මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් ඊයේ දින සවස අතුරුදහන්වූ තරුනයින් තිදෙනාගෙම සිරුරු අද (06) දහවල් වන විට සොයාගත් බව මුලතිව් පොලීසිය පවසයි.

Read More

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ඇමති වරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුව තුල ශාරීරික හානි එල්ල කිරීමට කටයුතු කළ බවත් ඒ පිළිබඳව අපිට විදිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවුරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.

Read More

පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.

Read More

පේරාදෙණිය පොලිස් වසමේ නිල්අඹ ජලාශ වේල්ල ආසන්නයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයන් පස් දෙනකු අතරෙන් වයස අවුරුදු 02 ක් වයසැති ගැහැණු දරුවෙකු ඇතුළු තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි .

Read More

මේ වන විට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ අවධානය යොමුව තිබේ.

Read More

කෙසෙල්වත්ත පොලිස් වසමේදී පසුගිය 04 දා රාත්‍රියේදී තියුණු ආයුධවලින් පහරදී කෙසෙල්වතේ පවාස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළව මේ වන විට පුද්ගලයන් 4ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියයි.‍

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සත්කාර දායකත්වය තමන්ට හිමිවූ බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි ‌සිරිසේන මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

Read More

පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තාන ජාතික මලික් අද්නන් වෙත පාකිස්තානයේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන ටම්ඝා අයි සුජාත් සම්මානය පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සි​ටියි.

Read More

රු.240කට නිල නොලත් ආකාරයෙන් ඩොලර් මිලදී ගැනීමට රු.කෝටි 7,200ක පමණ මුදලක් පවතින්නේ කවරෙකුගේ ගිණුම්වලද යන්න සහ මෙවැනි මුදල් පැන නගින්නේ කවරාකාරයෙන්ද යන්න සම්බන්ධව ඉතාමත් සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.

Read More

සීත සෘතුවේ දැඩි සීතලද නොතකා දිනපතා පැය 6ක් ඔවුන් නොනවත්වා මෙම ඉදිකිරීම් සිදුකරන අතර, මේ නිසාම මෙම කාර්මික පිරිස ’’ස්පයිඩර් මෙන්’’ (මකුළු මිනිසුන්) යනුවෙන් චීන මාධ්‍ය උපුටා දක්වයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 54ක ජයක් වාර්තා කිරීමට භානුක රාජපක්ෂ නායකත්වය දැණ ගාලු ග්ලැඩියේටර්සර් කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

Read More

දෙසැම්බර් පළමු සතිය තුළ, එක්සත් ජනපදයේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ අනාවරණය වූ අවස්ථා වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා පවසයි.

Read More

LPL තරගාවලියේ පළමු තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164 රැස් කිරීමට සමත් විය

Read More

මෙරට තුළ හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නිරෝධායනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් අද (05දා) පියවර ගෙන තිබිණි.

Read More

අඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේදීම මෙම ගිනිකඳු පිපිරීමත් සිදුවී තිබුණි.

Read More

අඹකඩවර ප්‍රදේශයේ ළඳු කැලෑ සහිත විශාල පොල් ඉඩමක අවුරුදු 02 සිට අවුරුදු 12 දක්වා වයසැති දරුවන් පස්දෙනෙකු අතරමංකර 38 හැවිරිදි මවක් අනියම් පුරුෂයෙකු සමග පලා යාම හේතුවෙන් එම දරුවන් පසුගිය 03වැනිදා පොලීසිය භාරයට ගෙන පරීක්ෂණ සිදුකරන බව වාරියපොල පොලීසිය පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළදී ගත් ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 13,43,160 ක් 12/05 දින සවස ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ගෙනැවිත් තිබුණි .

Read More

83 හැවිරිදි හිටපු රැජින මෘදු උණ ගතියක් ගැන පැවසීමෙන් කිරීමෙන් පසු කොවිඩ්-19 පරීක්ෂාවට ලක් විය. ඇය දැන් නිවසේ හුදකලා වී සිටින අතර ඇය සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් දැනුවත් කර ඇති බවද කියයි.

Read More

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන්නේද නැද්ද යන තීරණය හෙට (06දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.