අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නොරච්චෝලේ විදුලිබලාගාරය මේ මස 18 වැනිදා සිට දින 70 ක කාලයකට වසා දමන බවත් එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300 කට ආසන්න ප්‍රමාණයක් අහිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16දා) පැවසීය.
එම බලාගාරය වසා දැමීම නිසා විදුලි කප්පාදුව වැඩි නොවන බවට විශ්වාස කරන අතර බලාගාරයේ අලුත්වැඩියාව අවසන් වූ පසු තවත් බලාගාරයක් වසා අලුත්වැඩියාව ආරම්භ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික විදුලිබල පද්ධතියට මේ වන විට ගල්අගුරු සහ ජලවිදුලියෙන් වැඩි ධාරිතාවක් ලබාදීම නිසා බලාගාරය වැසීමෙන් අඩුවන මෙගාවොට් 300 ක ප්‍රමාණය ආවරණය කරගැනීමට හැකිවනු ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් පැවසීය.