මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සංශෝධනය විය යුතු ආකාරය පිළිබදව සාකච්ඡාවක් අධිකරණ බන්ධානාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16දා) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.
අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් වැය කරමින් මීලදී ගන්නා ලද වාහන , නිවාස හා ඉඩම් ඇතුළු දේපළ සම්බන්ධව මෙහිදී සාකච්ඡා විය. එම දේපළ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගයන් හා පනතෙහි සංශෝධනය විය යුතු සෙසු කරුණු පිළිබදව මෙන්ම අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් වැය කරමින් මිලදී ගන්නා ලද දේපළ සම්බන්ධව කරනු ලබන විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.
මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ අධිකරණ තුළට එන නඩු භාණ්ඩ මාස තුනක් තුළ මුදා හැරිය නොහැකි නම් ඒවා අලෙවි කර අදාළ නඩුවේ නමින් ගිණුමක් විවෘත කර එයට බැර කර නඩුව අවසන් වු පසුව තීන්දුවට අනුව එම මුදල් සම්බන්ධව ක්‍රියා කිරීම සදහා අවශ්‍ය නීති සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
මාසයක් තුළ එම කමිටුව විසින් අදාළ නීතින් සම්බන්ධව වාර්තාවක් ලබාදීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශය හා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට එක් විය.