වී අලෙවි මණ්ඩලය සතු වී තොග වලින් මසකට සහල් මෙට්‍රික් ටොන් 10,000ක් වෙළඳපලට නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට අද (16දා) උපදෙස් දුන්නේය.
වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය සතියේ සහල් මෙට්‍රික් ටොන් 1500ක් වෙළඳපොළට සපයා ඇති අතර, දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන සහල් හිඟය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මාසිකව සහල් මෙට්‍රික් ටොන් 10,000 බැගින් නිකුත් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.
වී අලෙවි මණ්ඩලය සතුව පවතින සම්බා වී තොග උපයෝගී කර ගනිමින් ‘PMB Rice’ නමින් කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 10 ප්‍රමාණයෙන් සහල් මලු වෙළඳපොළට නිකුත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.