රටේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්රීවරුන්ගන් අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙරට වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු දැක්වීය.
සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.