සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ආර්ථිකය යහපත් වූ විටයි
නාගරික ප්‍රදේශ 50 ක් සදහා සංවර්ධන සැලසුම් සකස් කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ගැසට් කිරීමට අපේක්ෂිතයි.
නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍ර දේශ ජාතික හා පළාත් මට්ටමින් ආර්ථික, සමාජයීය හා භෞතික සංවර්ධනය ඉලක්ක කරගනිමින් කඩිනම් සංවර්ධනයක් සිදු කිරීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති ප්‍රධාන කාර්යයක් වේ. ඒ අනුව දැනටමත් නාගරික ප්‍රදේශ 26 ක් සදහා නගර සංවර්ධන සැලසුම් හදුන්වා දී තිබේ. මෙලෙස හදුන්වා දී ඇති නාගරික සංවර්ධන සැලසුම් පළාත් පාලන ආයතන 34ක් ආවරණය වන පරිදි සකස් කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.
ඒ අනුව හක්මන, ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, අනුරාධපුර, මිහින්තලේ, පොළොන්නරුව, කුරුණෑගල, මහව, කල්පිටිය, නුවර, ඇල්ල, බදුල්ල, කතරගම, මන්නාරම, මොරටුව, මීගමුව, කැළණිය, බියගම, කළුතර, බේරුවල, නින්දවූර්, කන්තලේ, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා දෙහිවල, ගල්කිස්ස මෙලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති නගර සංවර්ධන සැලසුම් වේ.
2024 වන විට මෙරට නාගරික ප්‍ර දේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති සියලු නගර සදහා සංවර්ධන සැලසුම් සකස් කර ප්‍රකාශයට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. මෙරට නාගරික ප්‍ර දේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති නගර සංඛ්‍යාව 136 කට අධික වේ.
රටතුළ මේ වන විට පවතින ආර්ථික තත්ත්වය යහපත් වු වහාම රජය විසින් ක්‍රියාත්මත කිරීමට සැලසුම් කර තිබු සියලු සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථික අර්බුදය කළමණාකරණය සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. ඒ අනුව ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත් වනු ඇති බවට ද රණතුංග මහතා විශ්වාසය පළ කරයි.
popular news
-
sg Thursday, 16 June 2022 05:41 PM
Hereafter need to be clear and transparent for all development programs. Need to establish national procurement commission and implement all the procurement for the development activities including high ways. No need to hurry to start a development program with people's aspirations. First priority should be given to the existing aspiration of the general public. People will hope for the national policy regarding development activities for the whole country in the future.
Reply : 0 0
Kumar Friday, 17 June 2022 01:59 AM
kawadada salasmuk anuwa lankawe nagara diyunukale. oyakiyana widiyatanam thawa wasara dahayakwath inna siduwenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

