සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 26කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 220/9 රැස්කිරිමට සමත්විය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 43කදී ලකුණු 216ක ඉලක්කයක් හිමිවිය.
කෙසේ වෙතත් පන්දුවාර 37.1කදී සියලුම දෙනා දැවී ඔස්ට්‍රේලියාවට රැස්කළ හැකිවූයේ ලකුණු 189ක් පමණි