ඉන්දියානු ණය වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත ලබා දීමට ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි තීරණය වී ඇත.
එමගින් ඉදිරියේදි මතුවිය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත් , සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරිමටත් අපේක්ෂා කරයි.
මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ , වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා , හිටපු අමාත්‍ය සාගල රත්නායක අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් සහභාගී වූහ.