චීන යුවාන් මිලියනයක් වටිනා වියළි ආහාර පාර්සල් 10000ක් නැගෙනහිර පළාත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට චීනයේ යුනාන් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
චීන තානාපති චී ෂෙන්හොන් මහතා මේ බව නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට දැනුම් දුන්නේය.
ඒ ඔවුන් දෙදෙනා අද (24දා) තානාපති කාර්යාලයේදි හමුවූ අවස්තාවේදීය. එසේම නැගෙනහිර පළාතට තවදුරටත් චීන ආයෝජන බලාපොරොත්තු වන බව නැගෙනහිර ආණ්ඩුකාරවරිය මෙහිදී පැවැසුවාය.
