මන්නාරම මඩු පොලිස් වසමේ ඉරනෙයිඉලිප්පු කුලම් ප්රදේශයේදී පසුගියදා (22දා) යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් එහි ගමන්ගත් කාන්තාවක් මිය ගොස් තවත් පිරිමි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති වට පොලීසිය පවසයි.
මඩු විලාත්තිකුලම් සිට ඉරනෙයිඉලිප්පුකුලම් දක්වා යතුරුපැදියක සැමියා සහ බිරිඳ ගමන් කොට ඇති අවස්ථාවේදී හදීසියේම මාර්ගය හරහා වඳුරෙකු පැනයාම හේතුවෙන් යතුරුපැදිකරු බිය වී යතුරුපැදිය පාලනයෙන් මිදී පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය විසින් අණාවරනය කොට ගෙන ඇත.
යතුරුපැදිය පෙරලී යාමෙන් අඹුසැමි යුවල බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී කාන්තාව මිය ගොස් ඇතැයිද පොලීසිය පැවසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ විලාත්තිකුලම් ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් වන බවටද පරික්ෂණ සිදුකරන මඩු පොලීසිය වැඩිදුරටත් පැවසීය.