ගල්කිස්ස බඩෝවිට පස්වන අදියරේ පදිංචි පුද්ගලයාගේ මළ සිරුර තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර 6වන අදියරේ හිස් ඉඩමක දමා තිබියදී අද (25දා) හමුවූ බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් තිබුණේ රුමේෂ් ලක්මාල් නමැති 27 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පෙරේදා රාත්‍රී 10.30 ට පමණ නිවසින් පිටවී ගොස් තිබූ බවත් තොරතුරු ලැබුණු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඔහුගේ හිසෙහි සහ ශරීරයේ ස්ථාන කීපයකට දරුණු කැපුම් තුවාල දක්නට ලැබෙන බව පොලිසිය කියයි.මියගිය පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකු බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ඝාතනයට හේතුව නිශ්චිතව අනාවරණය වී නැත. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද පරීක්ෂණ පවත්වයි.
ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.