ආණ්ඩුවට විරෝධය දක්වමින් අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධය මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙයි. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියි. නිවාඩු දිනයක් වුවත් මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටිම කැපී පෙනෙයි. මේ අතර කොළඹ ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවටද විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි.