සජබ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න හදන විට අපි කිව්වේ 113 හදා ගන්නේ නැතුව විශ්වාස භංග යෝජනා ගෙනැවිත් එය ආණ්ඩුවට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් වේවි කියලා. දැන් ඔන්න 113ට 120ක්ම හරි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (25දා) මාධ්‍ය හමුවේ දී පැවසීය.
සජබ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න හදන විට අපි කිව්වේ 113 හදා ගන්නේ නැතුව විශ්වාස භංග යෝජනා ගෙනැවිත් එය ආණ්ඩුවට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් වේවි කියලා. දැන් ඔන්න 113ට 120ක්ම හරි.
අපි ගණන් හදලා බලමු. විපක්ෂයට හිටියේ මන්ත්‍රිවරුන් 65යි. අපි 42ක් විපක්ෂයට ආවාත් තුනක් ආපසු ගියා. දැන් ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමේ 39 එකතු කළාම 104යි. අන්තර්කාලින ආණ්ඩුවකට අවස්ථාව සලසමින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 10ක් ලිඛිතව ප්‍රකාශ කළා. දැන් 114යි.
ඒ අතරේ 20 වන සංශෝධනයේ දී ආණ්ඩුවට සහයට දීමට තීරණය කළ මුස්ලිම් මන්ත්‍රිවරුන් 3ක් ආණ්ඩුවට ලබා දෙන සහය ඉවත් කර ගෙන තම පක්ෂ වෙත යෑමට තීරණය කළා. දැන් 117යි.
ඒ වගේම නාලක ගොඩහේවා ඇමතිවරයා, ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිවරයා චරිත හේරත් කෝප් සභාපතිවරයා අන්තර්කාලින ආණ්ඩුවකට සහය දක්වා ආණ්ඩුව ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. දැන් 120යි.
ඒ වගේම තම මතය දැනට ප්‍රසිද්ධ නොකළ තවත් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් විශ්වාසභංගයකදී සහය දැක්වීමට සිටින බව ඉතාම විශ්වාසයෙන් කියන්න කැමතියි, යැයි මන්ත්‍රීවරයා සදහන් කළේය.