අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වී දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක මහතාට නිදහ ඉල්ලා යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීනීවා නුවර සාමකාමී උද්ඝෝෂණයක නිරත වී තිබේ.
2022 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreතරගාවලියේ මෙ දක්වා ක්‍රීඩා කර අවසන් වූ තරග 13දී තරග 5කට මුහුණ දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 181ක් රැස්කරමින් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවෙයි.
Read Moreදිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, මේ අනුව නැගෙනහිර, උතුර, උතුරුමැද හා ඌව පළාත්වලට අද (13දා) සිට පෙබරවාරි මාසය දක්වා වරින් වර වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑක්සත් ජනපදය සහ සමහර බටහිර රටවල් චීනය සහ තවත් සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ලේබල් කිරීමට නැඹුරු වී සිටින බව පැවසූ විදේශ අමාත්‍ය වැන්ග් යී, එය වෙනත් ශිෂ්ටාචාරවලට එරෙහි බටහිර උඩඟුකම සහ අගතිගාමීත්වයේ ප්‍රතිඵලයක් බව සඳහන් කළේය.
Read Moreඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විිසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ කොළඹ ස්ටාර්ස් කණ්ඩායම හා ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත්විය.
Read More’’අනිවාර්ය එන්නත් එපා’’ සහ ’’අපේ දරුවන්ට අත දෙන්න’’ යනුවෙන් සඳහන් බැනර් රැගෙන අගනගරය හරහා පාගමනක් යද්දී විරෝධතාකරුවන් ’’අපි ජනතාව’’ සහ ’’ප්‍රතිරෝධය’’ යනුවෙන් හඬ නඟා සිටියහ.
Read Moreබන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනද ? නැද්ද? කියලා ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයක් කරන්න මට එන්නලු. දැන් විවාද කර කර ඉන්න වෙලාවක් නෑ. මම කියන්නේ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මේ දැවැන්ත විනිමය අර්බුදයෙන් කෙටි කාලීනව රට බේරගන්න කියලයි.
Read Moreජනතාවගේ ජීවිත සමග කරනු ලබන අමානුෂික බියගුළු පලිගැනීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreදැන් ආර්ථික බලවතෙකු ලෙස චීනය මිනිසුන්ගේ ජීවනෝපාය සහ විද්‍යාව හා තාක්‍ෂණය වැනි ක්ෂේත්‍රවල වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින බව නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා පැවසීය.
Read Moreකෙරවලපිටිය, යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්ට්‍රස් එනර්ජි ලිමිටඩ් ආයතනයට ලබාදීම සඳහා අත්සන් කළ ගිවිසුම හා ඊට අදාළ කැබිනට් සංදේශය හෙට (13දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Read Moreමුතුර් ප්‍රදේශයේ ඉක්බාල් නගර් කලපුව අසල ලඳු කැලෑවක අද (12දා) පස්වරුවේ සිදු වූ පිපිරීමකින් පාසල් සිසුවෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කරයි.
Read Moreඇමසොන් ප්‍රධානී ජෙෆ් බේසෝස් සෙනසුරාදා ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ සිය ගබඩාවේ සිදු වූ මරණ ගැන දැනගත් පසු තමා දැඩි කම්පාවකට පත්වූ බවයි.
Read Moreදමිළ භාෂාව කථා කරන ජනතාව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හමුවක් කොළඹදී පවත්වා තිබේ. පොදු ස්ථාවරත්වයක් විමසා බැලීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවැසීය.
Read MoreLPL තරගාවලියේ දොලොස්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් ලැබීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.
Read More4 වැනි මට්ටම යන්නෙන් අදහස් වන්නේ කොවිඩ්-19 වසංගතය ’’සාමාන්‍ය සංසරණයේ පවතී’’ සහ ’’සම්ප්‍රේෂණය ඉහළ හෝ ඝාතීය ලෙස ඉහළ යන’’ බවයි.
Read Moreකෝවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගත් පසු දින 03ක් පමණ ගත වන තෙක් කෝවිඩ් රෝග ලක්‍ෂණවලට සමාන සුළු රෝග ලක්‍ෂණ මතු විය හැකි බවත්, ඒ අනුව ඒ පිළිබඳ බියක් ඇති කර නොගන්නා ලෙස කෝවිඩ්-19 නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read MoreLPL තරගාවලියේ දොලොස්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Warriors කණ්ඩායම පන්දුවාර 12.2 කඩුලු 2ක් දැවී ලකුණු 94 රැස් කිරීමට සමත් විය.
Read Moreශ්‍රී ලංකාවේ උත්තරිතර ආයතනය ලංකාවේ ලොකුම මොන්ටිසෝරිය බවට පත් වී ඇති බව ජාතික උරුමයන් ප්‍රාසාංග කලා හාග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කීය.
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩර අනතුරකින් බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මියගිය බව පල්ලේකැලේ පොලිසිය කියයි .
Read Moreරටේ ආර්ථිකයට මෙන් ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබේ.
Read MoreLPL තරගාවලියේ දොලොස්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ජයවර්ධන ජයවර්ධනපුර කෝට්ටේ මහදුවේ තෙත් බිමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරැ ඩඩ්ලි සිරිසේන මහතාට පසුගිය රජයන් විසින් පවරා දීම හා වර්ථමාන රජය විසින් මිශ්‍ර සංවර්ධනයට යයි කියා නගරසභා ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරෝධය පාමින් සංවිධානය කල විරෝධතාවක් අද 10 කෝට්ටේ මහ නගරසභා පරිශ්‍රයේ පැවැත්විණි.
Read Moreමහත් ආන්දෝලනයකට තුඩුදී තිබූ ඌව හිටපු ප්‍රධාන ඇමති ( වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී) චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය දණගැස්වීමයැයි පැවසුන නඩුව ,බදුල්ල සමථමණ්ඩලයේදී (11) දා දෙපාර්ශවය විසින් සමථයට පත්වීමෙන් අවසන්විය.
Read Moreවිනෝද කටයුතු, ආගමික කටයුතු, නීති රීති දාලා වළක්වන්න බැරි බවත්, ජනතාව ඒවා පිළිපදින්නේ නැති බව පසුගිය වසර එකහමාරක කාලය තුළ අපි දැක ගත හැකි වූ බවත් එන්නත් කරන වැඩ පිළිවෙලේ තෙවන මාත්‍රාව බූස්ටර් එන්නත ලබා නොගතහොත් එළඹෙන දෙසැම්බර් අවසානයේ යළිත් සුනාමියක් බලාපොරොත්තු වන්න පුළුවන් යැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
Read Moreලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මෙරටින් හමු වූ බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි. ’’ ආසියාවේ රැජින’’ (queen of Asia) ලෙස එය නම් කර ඇත
Read Moreඅපි පුරුදු වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 225 ටම කියන්න උඹලට හරියට කරන්න බැරිනම් පලයව් ගෙදර කියලා. ඒ වගේම ‘ගිණි තියන’ මාධ්‍යවලටත් අපි කියන්න ඕනෑ ‘ගිණි නිවන’ මාධ්‍යයක් වෙන්න බැරිනම් පලයව් ගෙදර කියලා.”
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දඩුවම් දිය යුතු බව තමන් අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඇතැම් උසස් තනතුරු සඳහා රජය විසින් පත් කරනු ලබන පුද්ගලයන් පිළිබඳව බරපතළ විවේචන තිබෙන බවත් ඒ ආකාරයෙන් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධයෙන්ද බරපතළ විවේචන එල්ල වෙමින් තිබෙන බවත් රජයේ ඇමතිවරුන් හිර ගෙවල් වලට පැන සැකකරුවන්ගේ ඔළුවට පිස්තෝල තබා මරණීය තර්ජන එල්ල කරමින් මානව හිමිකම් උල්ලංගනය කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .
Read More