ලෝක බැංකුවේ සහ IFC හි සහයෝගය හිමිවූ බව කියයි
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා අවශ්‍ය මූල්‍යාධාර මෙන්ම, ඒ සඳහා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ශ්‍රී ලංකා දූත පිරිස පෙරේදා (19දා) සාකච්ඡා පවත්වා තිබේ.
මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකුවේ අධ්යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වෝස් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මඛ්ටාර් ඩිඔප් යන මහත්වරුන් සමග මෙම සාකච්ඡා පැවැත්වූ බව මුදල් අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා අවශ්‍ය මූල්‍යාධාර මෙන්ම, ඒ සඳහා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මූලික වූ මෙම සාකච්ඡාවන් හිදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීම සහ ශක්තිමත් කිරීම සඳහා වූ තිරසාර විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කිරීමට ඇති කැපවීම මෙම ආයතන ද්විත්වයම යළිත් අවධාරණය කළ බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

