saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5971 hours ago

LATEST

​සපුගස්කන්ද යළිත් වැසෙයි

calendar_today 2021 දෙසැ 30 - 14:03 remove_red_eye - 251  

බොරතෙල් ලබා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් ජනවාරි මස 03 දා සිට වසා තැබීමට සිදුවන බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ අද (30දා) පැවති අයවැයට විරුද්ධව පොදුජන පෙරමුණේ උප සභාපතිවරයා ඇතුළු සභිකයින් පස් දෙනෙකුද න්දය ප‍්‍රකාශ කිරිම හේතුවෙන් අයවැය පරාජයට පත්විය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 30 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.

Read More

තමන්ගේ නැගෙනහිර කරස අහිමි වීම නිසා මුහුණ දුන් කටුක යථාර්ථය විසින් පාකිස්තානයට පාඩම් රාශියක් උගන්වනු ලැබීය. ඉන් පළමු සහ වැදගත්ම පාඩම වූයේ කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ගැලවුම්කරුවා සහ ආරක්ෂකයා ලෙස පෙනී සිටි එක්සත් ජනපදයේ දෙබිඩි පිළිවෙතයි. චීනය සමග රහස් ගිවිසුමකට ගොස් සෝවියට් සංගමය දුර්වල කිරීමේ තීරණාත්මක මෙහෙයුම සඳහා තමන්ට රිසි සේ පාකිස්තානය භාවිත කිරීමට නික්ෂන් පරිපාලනයට හැකි විය. නමුත් පාකිස්තානයේ කරසක් අහිමි කළ එම දෛවෝපගත සිදුවී වැළක්වීම සඳහා එම ස

Read More

ලාෆ් ගෑස් භාවිත කරමින් සිටින පාරිභෝගියන්ගේ පැරණි සිලින්ඩර ආපසු ලබා ගන්නා බව එම සමාගම සඳහන් කරයි. මේ අනුව එහි ගෑස් ප්‍රමාණය කිරා මැන භාරගෙන ඒ සඳහා කටයුුතු කළ යුතු ආකාරය පිළිබඳව සමාගමේ ගෑස් අලෙවි නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.

Read More

චීන ජනපති ෂී ජින්පින් මහතා හා චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් මහතා නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

Read More

නවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රිඩක රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. එය ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද (30දා) පෙරවරුව වන විට 3 857 504ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රි යේ සිට ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. මේ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 150කින්ද ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 60කින්ද ඉහළ යන බව ආනයකරුවන් සඳහන් කරයි.

Read More

කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් ඊයේ (29දා) අලුයම නිවස අසළ ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබියදි සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

Read More

මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕන. මහින්ද මහත්තයෝ ඔබතුමා යමිකිසි වෙලාවක කිසියම් හෝ තීන්දුවක් අරගෙන තියනවානම් වහාම ඒක අත්හරින්න. ගෝඨාභය ජනපතිතුමනි කේවට්ටයෝ ටික ඈත් කරන්න. සංශෝධනයක් කළොත් ඉලක්කය කරා ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා. හණමිටි බදාගෙන ගියොත් ඔබතුමාගේ ඉලක්කයත් අසාර්ථකයි. අපිත් විනාශයි. රටත් විනාශයි

Read More

ජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

වසංගතයේ උග්‍ර අවධිය 2022 දී අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා මුත්, එය රඳා පවතින්නේ එන්නත් සම්බන්ධයෙන් වැරදි තොරතුරු පැතිරීමට එරෙහිව සටන් කිරීම සහ ලබන වසරේ මැද භාගය වනවිට සියලුම ජාතීන් තුළ 70%ක එන්නත් අනුපාතයක් ලබා ගැනීමෙන් එන්නත් අසමානතාව අවසන් කිරීම මත පමණක් බව අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ කිලෝමිටර් 300ක පමණ දුරකින් භූ කම්පනයක් ඇතිව තිබෙන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි. රික්ටර් මාපාංකයේ 4.3ක පමණ ප්‍රභලත්වයකින් යුතුව මෙම භූමිකම්පාව ඇතිව තිබේ. කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැත.

Read More

අවම බස් ගාස්තු රුපියල් තුනකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. පෞද්ගලික බස් සංගම් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ.

Read More

2020 දී ඩොලර් බිලියන 100ක් ඉක්මවූ චීනයේ ආහාර ආනයන වෙළෙඳ පොළ වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මෙම වසරේ එය 20%කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන ලදී.

Read More

අපිත් ජනාධිපතිතුමන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමාව දාලා කවදාවත් යන්න අදහසක් නෑ කියලා. අපි එතුමා සමඟ මේ ගමන යන්නයි අදහස. අපිට පේන කොට අපේ රටේ අනාගතයට මහා හානි දායක බලපෑමක් ඇති කරන කරුණක් අපි ඒක මතු කරගන්නවා.

Read More

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පැවසුවේ, ’’මෙය ජාතික මෙහෙවරක් වන අතර, අප සැමට ඉටු කිරීමට කාර්යභාරයක් තිබෙනවා. එබැවින් ඔබේ කමිස අත් උඩට අකුළාගෙන, හැකි ඉක්මනින් ඔබේ ආරක්ෂාව ලබා ගන්න.’’ යනුවෙනි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනම ජගත් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විස්සයි20 හිමි ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ.

Read More

දින දෙකක නිල සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. ඒ අනුව ජනවාරි 08 දා ඔහු දිවයිනට පැමිණෙනු ඇත.

Read More

ප්‍රංශ රජය විසින් ජනවාරි අවසානය දක්වා සුපිරි වෙළඳසැල්වල ඇන්ටිජන් කට්ටල විකිණීමට අවසර ලබාදෙන ලදී. ප්‍රංශ අගමැතිවරයා සියලුම දැඩි සත්කාර වෛද්‍ය කාර්ය මණ්ඩලයට මාසිකව යුරෝ 100ක ප්‍රසාද දීමනාවක් ප්‍රකාශයට පත් කළේය.

Read More

පිලියන්දල ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පැදවූ ජීප් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇත.

Read More

එක්සත් ජනපදයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් පැතිරීම නිසා සඳුදා වනවිට දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 510,000කට වඩා වාර්තාගත ඉහළ මට්ටමකට ගෙන ගොස් ඇති අතර, එය රට තුළ වසංගතය ආරම්භ වූ දින සිට ඉහළම දෛනික ඉහළ යෑමයි.

Read More

GN 125 H වර්ගයේ යතුරු පැදි 10ක් මෙසේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පරිත්‍යාග කළේය.

Read More

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ 2012 වසරේ සිට සිදුවූ ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් විගණන අංශ විමර්ශන ආරම්භ කර තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ චීනයෙන් ලබාගත් සිනෝෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.

Read More

රබර්,පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ කුමාරසාමිපුරම් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමන ලද ආයුධ රැසක් ගොඩ ගෙන අද (29) දිනයේදී නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

දිගන නව නගරයේ ඉදි කොට ඇති බුදු කුටියට කිසියම් පුද්ගලයකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බව පවසන තෙල්දෙණිය පොලිසිය එම ගල් ප්‍රහාරය හේතුවෙන් එම බුදු කුටිය ආවරණය වීම සඳහා යොදා තිබූ වීදුරුවට අලාභානි සිදු වී ඇති අයුරු දක්නට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.