මුලතිව් මල්ලාවි පොලිස් වසමේ තිරුනගර් ප්රදේශයේ පිහිටි මාර්ගයක යතුරුපැදියක් ඊයේ (03දා) රාත්රී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට පොලීසිය පවසයි.
තිරුනගර් තුන්වන පටුමග මාර්ගයේදී මෙලෙස මෙම යතුරුපැදිය රාත්රියේ ගිනිගෙන ඇති අතර පසුදින උදෑසන ප්රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව මල්ලාවි පොලීසියට දැනුම් දී ඇත.
එන්.පී.- බී.ජී.පී. 4799 නැමත අංක දරණ යතුරුපැදියේ හිමිකරු කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතරම යතුරුපැදිය ගිනිගත් ආකාරයද මෙතෙක් අනාවරණය වී නොමැත.
අදාල යතුරුපැදියට කිසියම් පිරිසක් ගිනිතබා පලා යන්නට ඇති බව හෝ යතුරුපැදියේ පැමිණි පුද්ගලයාට කිසියම් විපතක් වී ඇත්දැයි යන්න පිළිබඳවද සැකයක් පවතින බැවින් අදාල සිදුවීම සමබන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවටත් අංක තහඩු ඔස්සේ හිමිකරු හඳුනාගැනීමටද පියවර ගෙන ඇතැයිද මල්ලාවි පොලීසිය වැඩිදුරටත් පැවසීය.


