ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50කටත් වඩා අඩු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.
අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසු අතර ආදායම් බදු ඉහළ දමන නව අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.
පවතින අර්බුදකාරී වාතාවරණය තවත් වසර 02ක් පමණ තිබිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එලඹීමට තවත් මාස 06ක පමණ කාලයක් ගතවිය හැකි බවත් මෙහිදි අදහස් දක්වමින් පැවසීය.