පානදුර ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් තනිව ජීවත්වන නිවාස ඉලක්ක කරගනිමින් මුදල් සහ රණ්භාන්ඩ කොල්ලකන 'වලපල පැනියා' ඇතුළු සංවිධානාත්ම කල්ලියක සිව්දෙනෙකු ඊයේ (03දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
දිවා කාලයේ යාචක වෙස් ගෙන නිවාස නිරීක්ෂණය කොට රාත්‍රී කාලයේ මුහුණු ආවරණ පැළඳ උල් ආයුධ රැගෙන කඩාවැදී කොල්ලකෑම් සිදුකර ඇතැයිද පොලිසිය පවසයි .
ඔවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාල, වළලු , මුදු, කාරාබු, අත්පලදනා, ලැප්ටොප් , ඩීවීඩී ප්ලේයර් , ජංගම දුරකථන , අත් ඔරලෝසු , ග්‍රිල් මැෂින් , රූපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා උපකරණ රැසක් සහ කොල්ලකෑමට යොදාගත් උල් පිහි හතරක් ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
කොල්ලකෑම් 10 කට පමණ සැකකරුවන් සම්බන්ධ බවට ලැබී ඇති පැමිණිලි අනුව පෙනීයන බවත්, රුපියල් ලක්ෂ 20 කට අධික මුදලක් සොරකම් කර ඇති බවට සදහන් වන නමුත්, මුදල් හෙරොයින් මත්කුඩු පානයට, ඇදුම් ඇතුළු අත්‍යවශ්‍ය දෑ මිළදී ගැනීමට වැයකර ඇති බවට ප්‍රකාශ කර ඇතැයිද පොලිසිය සදහන් කරයි.
ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් අනූවකට අධික ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය පවසයි .
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
පානදුර සුමිත් පොතුපිටිය / බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

