හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් හප්පාවන හරුමල්ගොඩ ප්‍රදේශයේ පොදු නාන ළිදක දිය නාමින් සිටියදි ළිදේ කොන්ක්‍රිට් බක්කිය කඩාගෙන වැටිමෙන් අද (03දා) පස්වරුවේ දි එක් සිසුවකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකු තුවාල ලබා ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බටහිර හරුමල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් එස් රෝෂණ මලිදු (13) නැමති අට ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවකි.. මියගිය සිසුවා තවත් සිසුවකු සමග මෙකි නාන ළිදට බැස පිහිනමින් දිය නාමින් සිට ඇති බව පොලිසිය පවසයි. මොවුන් ළිංබක්කියේ එල්ලි ඇති අතර ළිං බක්කිය කඩාගෙන වැටි එක් සිසුවකු එයට යටවිමෙන් මියගොස් ඇත.
.ළිං බක්කියට යටිවි සිටි සිසුවා හා අනික් සිසුවා ප්‍රදේශවාසින් විසින් ගොඩගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. මෙකි සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
රවින්ද්රශ්රිලාල් / චන්දන සමරවික්‍රම
