saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5966 hours ago

LATEST

ඉල්ලා අස්වීමේ පෝලිමට ඕෂධත් එයි

calendar_today 2021 දෙසැ 31 - 18:00 remove_red_eye - 3364  

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ධුරයෙන් ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ජෙට් යානා දෙකක් ගොඩ බස්සවා තිබේ. මෙම ජෙට් යානා දෙකේ ඡායාරූප මත්තල ගුවන් තොටුපොළේ නිල ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

1972 ජනවාරි 10 බංග්ලාදේශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ විය. පාකිස්තාන සිරකඳවුරෙන් නිදහස් වූ බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ( මුජීබ්) තේජාන්විත පුනරාගමනය ස්වාධීන, ස්වෛරී බංගලාදේශයේ භූමියට නව යුගයක ආරම්භය සනිටුහන් කළේය. ඔහු සිය භූමියට පැමිණි දිනට පසු දිනම රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කළේය. බංග්ලාදේශය තම පළමු වසර තුළ ලැබූ විශිෂ්ට ජයග්‍රහණවලින් එකක් වූයේ ව්‍යවස්ථාව සාර්ථකව නිම කිරීම බව බොහෝ බෙංගාලි වැසියන්ගේ පොදු පිළිග

Read More

2022 වසරේදී දිගු සති අන්ත කිහිපයක්ම ‌යෙදී තිබේ. ඒ් ඇතැමි නිවාඩු සඳුදා හා සිකුරාදා දිනවල යෙදී තිබෙන හේතුවෙනි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව නම් කරන 2021 ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

Read More

;ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් තෙල් ටැංකු 85ක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතට පත්වෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ් අනුව ඉදිරියේදී ඒම තෙල් ටැංකි සංකීර්ණය ‌වෙත ගොස් සිංහ කොඩිය ඔසවන බවද ඔහු පැවැසීය.

Read More

පොලොන්නරුව ප්‍රදේශයේ සති පොල වෙළෙන්දෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගත් අමුමිරිස් කිලෝ දහයක් සහ ලොකු ළූණු කිලෝ 25 ක මල්ලක් අද (31දා) පෙරවරුවේ සොරාගෙන ගොස් ඇතැයි ඔහු දඹුල්ල පොලිසියට පැමිණිලි කොට තිබේ.

Read More

පොල් ගෙඩි දෙකක පොල් ඇතුළත් නව පොල් කිරි පැකැට්ටුවක් ලබන සතියේ සිට වෙළද පොළට නිකුත් කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. මේ නව පොල් කිරි පැකැට්ටු වත්මන් පොල් ගෙඩි දෙකක මිලට අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවද ගුනවර්ධන මහතා කීවේය.

Read More

රට ආර්ථික අර්බුධයක තිබෙන බව නොරහසක් බවත් කොහේවත් නැති ප්‍රශ්න දාගෙන කඩි ගුලකට අතදාගෙන ඉන්නව බව පෙනෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අද (31) ඌරගස්මංහන්දිය මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කීවාය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීරණ වැඩසටහන යටතේ කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 4 ඉක්මවා තිබේ. ඊයේ දිනය අවසන් වන විට පුද්ගලයන් 4 006 720ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබා දී තිබුණි.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය අසාදිත තවත් 41ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Read More
අදත් වැස්ස
31 12 2021 07:59:00
0 191

උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලටත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනී පාර්ක් ග්වෙන්-හයි වෙත රජයේ ආරක්‍ෂාව සපයනු ලබන නමුත් විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ පෞද්ගලික ලේකම්වරුන් සඳහා විශේෂ විශ්‍රාම වැටුප් ලබාදීම වැනි හිටපු ජනාධිපති වරප්‍රසාදවලට යටත් නොවේ.

Read More

කොවිඩ් ව්‍යසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ඉහළ කැපවීම් නිසා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම කාර්ය මණ්ඩල තම රාජකාරි මගහැර සිටියේ නම් කිසිදු ජාත්‍යන්තරික සංවිධානයක් මෙරටට සහය නොදක්වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read More

පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත්විය.

Read More

වසංගතය ආරම්භයේ සිට වාර්තා වී ඇති මිලියන 6කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවෙන් බ්‍රහස්පතින්දා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පමණක් 2%ක් නියෝජනය කරයි.

Read More

තනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්තාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික ළාබාලතම ගුවන් නියමුවරිය සාරා රදෆර්ඩ් මෙනවිය අද (30දා) උදෑසන නවයට පමන රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කොයිම්බතුර් බලා යළි ගමන් ඇරඹුවාය.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ග කොටස එළැඹෙන ජනවාරි 15 දා ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

Read More

ක්වෙටා හි ජින්නා ප්‍රදේශයේ රජයේ විද්‍යා විද්‍යාලය අසල රැස්වීමක් අවසන් කර සිසුන් පිරිසක් විද්‍යාල ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය මාධ්‍ය වෙත පැවසීය.

Read More

ඉදිරියේදී ආපනශාලාවලින් පාරිභෝගිකයන් සඳහා කිරි තේ ලබා දීම අත්හිටුවීමට තීරණය ළ බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මාස ගණනාවක් එහි දියත් කිරීම ප්‍රමාද වීමෙන් පසු ටර්කොවැක්ට පසුගිය සතියේ තුර්කි බලධාරීන්ගෙන් හදිසි භාවිතය සඳහා අවසරය ලැබුණි.

Read More

නැගෙනහිර පාකිස්තානය වෙනම රාජ්‍යයක් ලෙස වෙන් වී යෑම සඳහා බලපෑ ප්‍රධාන සිදුවීම් සහ ඊට විදෙස් රටවල්වලින් ලැබුණු ප්‍රතිචාරවල ස්වභාවය ගැන පසුගිය කොටස්වලදී අවධාරණය කළෙමි. විශේෂයෙන් ඉන්දියාව සහ සෝවියට් සංගමය බෙංගාලි ජාතිකයන් වෙත සහයෝගය දැක්වීමත් චීනය සහ එක්සත් ජනපදය තම දේශපාලන වුවමනාවන් සපුරා ගැනීම සඳහා පාකිස්තානයට සහයෝගය දක්වන බව පෙන්වමින් ව්‍යාජ රඟපෑමක නිරත වීමත් එහිදී නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන ගති ලක්ෂණ විය.

Read More

පැරිසියේ උතුරේ චම්බ්ලි හි, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ පාලක LREM පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පැස්කල් බොයිස්ගේ නිවස මෙසේ ඉලක්ක කර ඇත. ඔහුගේ මෝටර් රථයට සහ ගරාජයට ගිනි තබා ඇති අතර, ඔහුගේ නිවස වටා දිවෙන බිත්තියේ ’’ඡන්දය නැත’’ ඇතුළු වාක්‍ය ඛණ්ඩ තීන්ත ආලේප කර ඇත.

Read More

හල්දුම්මුල්ල නිකපොත ප්‍රදේශයේදී අද (30) වෙළඳසැලක් බිඳ ගම්බිරිස් තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ නව පරිපාලන ව්‍යුහය අනුව දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාශය ප්‍රතිව්‍යහගත කිරීම හා ප්‍රදේශීය වශයෙන් පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසඳී සඳහා නව යාන්ත්‍රණයක් සකස් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

ආරච්කට්ටුව පොලිස්වසමේ අඩිප්පල- බෝපත්ගම ප්‍රදේශයේ තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇගේ සැමියා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

ඉන්ධන මිල ඉහල යාමත් සමග විදුලි බිලද ඉහල යාමක් සිදුනොවන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරයා විසින් ගෙන යන නිවැරදි වැඩපිලිවෙල අගය කරමින් ජනතාවට නිවැරදි තොරතුලැ ලබා දීමට කටයුතු කරන්නැයි තමා මෙරට සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.

Read More

කිරි පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළද අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (30දා) ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී කීවේය.

Read More

විදුලි සැරෙන් තම දරුවා බේරා ගැනීම සඳහා කටයුතු කල පියෙක් මියගොස් ඇතැයි පනාමුර පොලීසිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.