මිලියන 05ක් වටිනා රූපලාවන්‍ය ආලේපන තොගයක් අල්ලයි
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට රැගෙන එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (22දා) අලුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
රජය විසින් මෑතකදී ආනයන සීමා කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයේ නිර්දේශ වලට පටහැනි වීම , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි බලපත්‍රයක් නොමැතිව මෙන්ම ඩුබායි හි ලියාපදිංචි නොකළ මෙම ආලේපන තොගය භාවිතා කරන්නන් හට සෞඛ්‍ය ගැටළු සහ අසාත්මිකතා ඇති වීමේ අවදානමක් ඇති විය හැකි නිසා රේගු නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
කොළඹ සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යාපාරිකයන් පිරිසක් මෙම ආලේපන තොගය තම ගමන් මලු වල අඅසුරා ගෙන රැගෙන විත් තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ .



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

