බඩු මිල දරාගත නොහැකි බව ආණ්ඩුව පිළිගන්නා බවත්, කෙසේ වෙතත් ආහාර සුරක්ෂිත භාවය පිළිබඳ ගැටලුවක් නොමැති බවට තමා වගකීමෙන් සඳහන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයාගේ පිළිතුර පරස්පර බවත් ආහාර සුරක්ෂිත භාවය යනු හිඟයකින් තොරව ආහාර සැපයීම පමණක් නොවන අතර, ආහාර සැපයුම ජනතාවට දරාගත හැකි මුදලකට ලබා දීමද ආහාර සුරක්ෂිත භාවයට අයත් වන බවත් එහිදී අදහස් පළ කරමින් විපක්ෂනායකවරයා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - මේ මොහොත වන විට කවුරු මොනදේ කිව්වත් අපේ රටේ ආහාර සුරක්ෂිත භාවය පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්රයෙත් බරපතල අනාරක්ෂිත භාවයක් තිබෙනවා. මේ රටේ සමස්ථ පොදුජනතාව ජීවත් වීමේ අරගලයක සිටිනවා. බඩු මිල වැඩි වෙලා , රුපියල අවප්‍රමාණ වෙලා. මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ රජයේ අදාල නිලධාරීන්ට මේ ප්‍රශ්නයට මොකක්ද විසඳුම කියලා කියන්න.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ - විපක්ෂනායකතුමාලා කැමතියි මේ අර්බුද සියල්ල මේ රටේ ඇතිවෙනවා නම්. අපි පිළිගන්නවා බඩුමිල වැඩියි. මිනිස්සුන්ට අමාරුයි කියලා අපි පිළිගන්නවා. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නෑ. මම කෘෂිකර්ම ඇමතිවරයා ලෙස වගකීමෙන් කියනවා ආහාර සුරක්ෂිත භාවය පිළිබඳ ගැටලුවක් ඇති කර ගන්න ඕනි නෑ. අපිට අවශ්‍ය ප්‍රමාණයට වී තිබෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට එළවලු තිබෙනවා. ඒ නිසා ආහාර සුරක්ෂිත භාවය පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නෑ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - ආහාර සුක්ෂිත භාවය කියන එකේ විග්‍රහය මොකක්ද? ඒකේ විග්‍රහය ආහාර සැපයීම පමණක් නෙවෙයි. ආහාර සැපයුම තිබෙන්න ඕනී ජනතාවට දරාගැනීමට හැකි මුදලකට. ඒකයි ආහාර සුරක්ෂිත භාවය කියන්නේ. එසේ නොමැතිව ඕන තරම් ආහාර තිබෙනවා කියන කාරණාව නෙවෙයි. ඔබතුමාගේ පිළිතුරේ පරස්පරයක් තිබෙනවා. ඔබතුමා කියනවා ආහාර සුරක්ෂිත භාවය තිබෙනවා කියලා. ඒ වගේම ඔබතුමා කියනවා විවාදයක් නෑ බඩු මිල විශාල ලෙස ඉහළ ගිහින් කියලා. දරාගත හැති මුදලකට අත්‍යාවශ්‍ය ආහාර ජනතාවට ලබා ගැනීම මේ වෙලාවේ අමාරු කර්තව්‍යක්.