රටට උචිත නව ව්‍යවස්ථාවක් මෙම වර්ෂයේදී ඉදිරිපත් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ එක් ඉල්ක්කයක් එය බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
පවතින වියළි කාලගුණයත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමග ඉදිරි දින කිහිපය තුලදි දිනකට පැය 08 පමණ කාලයත් විදුලි කප්පාදුක් මෙරට තුල සිදු විය හැකි බව මහනුවර දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේග පා.ම මයන්ත දිසානායක මහතා පැවසිය.
Read Moreපොල්හවෙල මැටිකුඹුර ප්‍රදේශයේදි කැබතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ටිපර් රථයක පිටුපස ගැටිමෙන් අද (23 දා) සිදුවු අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇත.තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
Read Moreනල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා නඬයක් සමග පැමිණි කාන්තාවක් අද (23) අළුයම 02.00 ට පමණ සීතගඟුල ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
Read Moreදරුවන් තිදෙනෙකු ඝාතනය කෙරුණු සහ දුගී රටේ අන්තර්ජාලය බිඳ වැටීමටද හේතුවුණු හොඩයිඩා වරායට එල්ල වූ ගුවන් ප්‍රහාරයට සමගාමීව සිදුවූ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින්ද හෙළා දකින ලදී.
Read Moreකොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි.
Read Moreකොවිඩ්-19ට එරෙහිව හැකි ඉක්මනින් ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි වන පරිදි එන්නත් විද ගන්නා ලෙස කොංගෝ ජනරජයේ ජනතාවගෙන් ඉල්ලා සිටි මොන්කා, චීන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති බවත්, ඒවා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් බවත් අවධාරණය කළේය.
Read Moreවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් පිදුම් ලැබු අතර, එම සම්මානය පිරිනැමීමේ උත්සවය අද (22දා) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreමහල් 20කින් යුතු ගොඩනැගිල්ලේ 18 වැනි මහලෙන් දුම් පිටවන අයුරු රූපවාහිනී දර්ශනවල දැකගත හැකිවූ අතර, තුවාල ලැබූවන් වහාම අසල රෝහල්වලට ඇතුළත් කර තිබුණි.
Read Moreසත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව තිබේ.
Read Moreවයස අවුරුදු 12ට වැඩි ස්වීඩන ජාතිකයන්ගෙන් 83%කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබුණත්, එන්නත් ලබානොගත් පිරිස හා බූස්ටර් මාත්‍රා ප්‍රතික්ෂේප කරන පිරිස රට තුළ ව්‍යසනයක් නිර්මාණය කරමින් පවතින බව සඳහන් වෙයි.
Read Moreඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි, ජනවාරි 24 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර, පක්ෂ අතර සාකච්ඡා සඳහා ඇති බාධාව ඉවත් කරමින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වා තිබේ.
Read Moreඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.
Read Moreශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සම්පූර්ණ වීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි.
Read Moreකීර්ති මන්ත්රීරත්න මහතා විසින් පරිත්‍යාග කළ නවීන බස් රථය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) අරලියගහ මන්දිරයේ දී කොළඹ රාජකීය විද්‍යාලයට පිරිනැමිණි.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු , ග්‍රාමිය සහ නගරබද පාසල් වල පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රධාන විභාග මධ්‍යස්ථාන 34 ක් ස්ථාපනය කර ඇති බවත්, එම ප්‍රධාන විභාග මධ්‍යස්ථාන 34 තුල අනු විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපනය කර ඇති බවත්, එම මධ්‍යස්ථාන වල සිසු සිසුවියන් 4186 දෙනෙකු විභාගය සදහා පෙනි සිටින බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් ජාන කොල්ලයක නිරතවීමේ අරමුණින් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා ඊයේ (21දා) නියෝග කළේය.
Read Moreපහ වසර ශිෂ්‍යත්ව විභාගය අද (22දා) දින මධ්‍යස්ථාන 2,943කදී පැවැත්වෙන අතර, විභාගය උදෑසන 9.30ට ආරම්භ වන බැවින් පැය භාගයකට පෙර දරුවන් විභාග මධ්‍යස්ථානවලට රැගෙන එන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතී. තරමක සීතල කාලගුණ තත්ත්වයක් හිමිදිරි උදෑසන අපේක්ෂා කළ හැක.හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.
Read More’’එය ජනගහනය තුළ ප්‍රතිශක්තිකරණයට වඩා ප්‍රතිරෝධී වීම විය හැකියි. එය තවත් ආසාදනය කිරීමට ඉඩ සලසන්න පුළුවන්. අපි තවමත් දන්නේ නැහැ,’’ ඔහු පැවසුවේ, මුලින් ඔමික්‍රෝන් හෙවත් BA.1 ආසාදනය වූ පුද්ගලයින්ට ඉක්මනින් BA.2 ආසාදනය වීමෙන් ප්‍රතිශක්තිය හීනවිය හැකි බවයි.
Read Moreඋද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීය.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං විසින් එරට හමුදා සහ සන්නද්ධ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු චීනයේ ක්‍රියාකාරී සේවයේ නියුතු නිලධාරීන් සඳහා පිරිනමන ඉහළම නිලය වන ජෙනරාල් නිලයට උසස් කරන ලදී.
Read Moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 184කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලියද 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය.
Read Moreවිදේශ අමාත්‍යාංශයට අනුව මේ වන විට දළ වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 22,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටිති. 2019 වර්ෂයේ දී ඔවුන් දළ වශයෙන් ඩොලර් මිලියන 520ක් මෙරටට එවා තිබේ. දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල දායකත්වය මුළු විදේශ ප්‍රේෂණවලින් සියයට 7.75% ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.62% ට සමාන වේ.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදය මගින් අවුලුවාලූ ආසාදනයන් වැඩිවීම මධ්‍යයේ යුරෝපීය සංගමයේ සෞඛ්‍ය ඇමතිවරු සිකුරාදා කොවිඩ්-19 එන්නත්වල සිව්වැනි මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද දිනයේදි ලක්ෂ 6 සීමාව ඉක්මවා ගියේය. ඒ තවත් ආසාදිතයන් 840ක් අද දිනයේදී වාර්තා වීමත් සමගිනි.
Read Moreකොවිඩ්-19 වසංගතය, දේශගුණික අර්බුදය සහ සෑම තැනකම ගැටුම් ඇති කර ඇති භූ දේශපාලන ආතතීන් හේතුවෙන් වසර පහකට පෙර පැවති ලෝකයට වඩා බොහෝ ආකාරවලින් ලෝකය නරක අතට හැරෙන බව සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
Read Moreගාල්ල රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 42කට කොවිඩ් 19 ආසදනයවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 64 දෙනකුට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී තිබේ.
Read Moreබූස්ටර් එන්නත් මාත්‍රා ලබාගැනීම අඩු වුවහොත් එම අගය ලක්ෂ 600,000ක් දක්වා වුවද ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් පවසයි.
Read More