අතේ තීරණයට පිටින් යන අයට විනය ක්‍රියාමාර්ග
සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමති ධුර ලබා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන නිසා මෙම තීරණය උල්ලංඝනය කරන සියලුම සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
පක්ෂ සාමාජිකයන් කිහිපදෙනෙකු දැනටමත් අමාත්‍ය ධුර ලබාගෙන තිබෙන බවත්, පක්ෂ තීරණය උල්ලංඝනය කරමින් ඉදිරියේදී යම් සමාජිකයෙකු අමාත්‍ය ධුර ලබාගැනීමට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිවත් විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
පවතින ආර්ථික අර්බුදයට හා ඉන්ධන, පොහොර, ඖෂධ, ගෑස් අර්බුදයට විසඳුම් සෙවීමට හා අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා සර්වපාක්ෂික ආණ්ඩුව පත් වන බවත්, මේ නිසා රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර මෙම ආණ්ඩුවට අනවශ්‍ය බවත් හෙතෙම පවසා සිටියේය.
එසේ නොමැතිව අමාත්‍යවරුන් විශාල පිරිසක් හා රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර පත් කිරීමට ගියහොත් පරණ ආණ්ඩුවේ තත්ත්වයටම සර්වපක්ෂික ආණ්ඩුවත් පත් වන බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එම ආණ්ඩුවටත් ජනතා විරෝධය එල්ල විය හැකි බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
පක්ෂයේ තීරණය උල්ලංඝනය කරමින් කටයුතු සිදුකරන පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරි දිනවලදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන බවත්, පක්ෂයේ තීරණයට පිටින් යමින් කටයුතු කරන පිරිස්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පැවසීය.
popular news
-
Demuni Uduwara Sunday, 22 May 2022 11:58 PM
Every time you thus; no positive result!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

