saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5864 hours ago

LATEST

අද විදුලිය කැපීමට අවසර නෑ

calendar_today 2022 ජන 24 - 17:46 remove_red_eye - 466  

විදුලි කප්පාදු කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණත් ඒ පිළිබඳ සාකච්ඡා කරන්නේ හෙට (25දා) දිනයේදී බවත්, මේ අනුව අද (24දා) විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී නොමැති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

මරීනා මහතීර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පවුලේ අය සියලු දෙනාගේ යාච්ඤාවලට ස්තූතිවන්ත වන අතර, නොදන්නා මූලාශ්‍රවලින් ඔහු ගැන පැතිර යන කටකතා ජනතාව නොසලකා හරිනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

Read More

ටෝලර් යාත්‍රාවකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ තුන්සියකට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් 6 දෙනෙකු දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය.

Read More

ජනාධිපති රොච් කබෝර් බලයෙන් පහ කර, රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ව්‍යවස්ථාව අත්හිටුවීම සහ එහි දේශසීමා වසා දැමූ බවත් පවසයි.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව එළැඹෙන 30 දා යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

විදුලිය කප්පාදුවකින් තොරව කටයුතු කරගෙන යාමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

Read More

රට තුළ විදුලි අර්බුදයක් තිබියදී සීතාවක ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පාදුක්ක නගරයේ සහ ඉන් පිටත මාර්ගවල පෙරවරු කාලය තුළ වීථි පහන් දැල්වෙමින් තිබූ අයුරු අද (24දා) දැකගත හැකි විය.

Read More

හෝමාගම මූලික රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා වෙන්කර තිබෙන වාට්ටු දෙකම මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතින බව වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව වාර්තා වේ.

Read More

තරුණයන් තිදෙනකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව මැයි මස 23 වැනි දා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (24දා) නියම කළේය.

Read More

අද දිනයේදී පැයක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ලංවිම ඉංජිනේරු සංගමය කියයි. විදුලිය නිපදවීම වෙනුවෙන් ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා මෙම විදුලි කප්පාදුව සිදුවෙයි.

Read More

ටොයෝටා ලෑන්ඩ් කෘෂර් රථයක් මිලදී ගැනීම සඳහා ජපානයේ සිටින තම පාරිභෝගිකයන්ට වසර හතරක කාලයක් සිටීමට සිදුවන බව ටොයෝටා සමාගම නිවේදනය කර තිබේ.

Read More

කොරෝනා වසංගතය හමුවේ ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යාම හේතුවෙන් සිදුවන අලාභය වළක්වා ගැනීම සඳහා බස් ගාස්තු ඉහළ දැමූවත් එම කොන්දේසි කඩ කරමින් මගින් ප්‍රවාහනය කරන බවට දිනෙන් දින පැමිණිලි ලැබෙන බැවින් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් හෝ වෙනත් විකල්පයක් කරා යොමු වීමට සිදු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය

Read More

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ කාන්තා ක්‍රිකට් විස්සයි20 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

Read More

ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් රැගෙන යම්න් සිටි පෞද්ගලික බස් රථයක් පදියතලාව-බිබිල මාර්ගයේ පුවක්පැළේ ප්‍රදේශයේදි අද (24දා) උදෑසන පෙරලීයෑමෙන් එහි ගමන් කළ කාන්තාවන් 17 දෙනෙකු තුවාල ලබා බිබිල මුලික රෝහලට ඇතුලත් කළ බව බිබිල පොලිසිය පැවසීය. අනතුරින් තුවාල ලැබු සේවිකාවන්ගේ තත්වය බරපතල නොවන බවත්, අනතුර සම්බන්ධව බිබිල පොලීසිය වැඩීදුර පරීක්ෂණ පවත්වයි.

Read More

බදුල්ල - කොළඹ අතර ප්‍රථම වරට රාත්‍රි 9.00 ට නවීන පහසුකම් වලින් සමන්විත සහනදායී මුදලකට නවතම සුඛෝපභෝගී සිඝ්‍රගාමි දුම්රිය සේවයක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අඬහැර පා ගෙන දෑකැති අරගෙන ගොයම් කපන රග බලන් අනේ හේනේ ගාලේ ගොවි රාළලා එක්වී ගොයම් කැපුවේ ඒ එදා රගේ පොහොර ඇටය නෑ කුණු කඳු ගෙනවිත් කුඹුරට දාලා මේන් රගේ ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලන් පිරිසක් බැහැලා වෙලේ

Read More

මහවැලි ගඟෙහි රක්ෂිතය කළාපය ලෙස සඳහන් කර තිබු නාම පුවරුව අසළම පිහිටි හක්කිඳ දූපත් සමූහය අසළ මහවැලි ගඟෙහි ඇතුළට වන්නට ඉදිකර තිබු හෝටලයක් ද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළේය. එම හෝටලය ඉදි කිරීම සඳහා කිසිදු වගකිව යුතු ආයතනයක් විසින් අනුමැතිය ලබා නොතිබුනි. මුදල් හා දේශපාලන බලය යොදා ගනිමින් මහවැලි ගඟ දූෂණයට ලක්වන පරිදි එක්තරා පුද්ගලයෙක් එම හෝටලය ඉදි කර තිබුනි.

Read More

පුද්ගලයෙකු හදිසියේ අංශ භාග තත්ත්වයට පත්වන අවස්ථාවකදී නිසි කාලය තුල ප්‍රතිකාර ලබාදීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම පිනිස වන ප්‍රතිකාර ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කොට ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.

Read More

ගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉතා ඉහළ වැඩිවීමක් දක්නට ඇතැයි ඒම සේවාව භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

Read More

ප්‍රාන්තයේ දරුවන්ට කොවිඩ්-19 සඳහා සතියකට දෙවරක් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට දෙමවුපියන් යොමුකරවන බවත්, ඕනෑම ධනාත්මක ප්‍රතිඵලයක් පාසලට සහ රජයට වාර්තා කිරීමට ඔවුන්ට පහසුකම් සලසන බවත් නිව් සවුත්වේල්ස් මහ ඇමති කියයි.

Read More

මාතර, වැලිගම, මිදිගම තුර්කි ගමිමාන ප‍්‍රදේශයේ පසුගිය 20 වනදා රාති‍්‍රයේ වෙඩිතැබිමෙි සිදුවිමෙිදි එයට සමිබන්ධ බවට සැකපිට මහත්තයා නමැති පුද්ගලයෙක් මිදිගම පොලිසිය අත්ඩංගුවට ගෙන තිබු අතර එයට විරෝධය පළකරමින් එම පුද්ගලයාගේ ඥාතින් හා ගමිවාසින් අද (23දා) මිදිගම පොලිසිය වෙත පැමිණ කලහකාරිි ලෙස හැසිරිමත් සමග දැඩි උණුසුමි තත්වයක් ඇතිවිය.

Read More

අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ හිටපු සභාපතිගේ තීරණ හේතුවෙන් පසුගිය මාස 3 ක කාලයේදී කිරිපිටි නිෂ්පාදනය කර නැති බව මිල්කෝ ආයතනයේ නව සභාපති රේණුක පෙරේරා මහතා සිය රාජකාරී බාර ගැනීමේ අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයින් පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාට සහ නව සභාපතිවරයාට පවසා සිටියා.

Read More

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සති අන්තයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර, දිල්ලිය යම් සීමාවන් ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළද, ප්‍රාදේශීය රජය ඇඳිරි නීතිය දිගටම පවත්වාගෙන යාමට තීරණය කළේය.

Read More

.විදුලිබල ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක සිට බරපතල මාෆියාවන් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) ගාල්ලේදි පැවසිය. ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.

Read More

වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉරිදා රාත්‍රී 11.59 සිට බලපැවැත්වෙන පරිදි නවසීලන්තය රතු සංඥා නිකුත් කරමින් රට තුළ අවදානම් මට්ටම ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Read More

ඩිජිටල් ජාතික හැදුනුම්පත නිකුත් කිරිමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හදුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

අධ්‍යයන තුනක් උපුටා දක්වමින්, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන සිකුරාදා පැවසුවේ, ඔමික්‍රෝන් සමග සටන් කිරීමට ෆයිසර් හි mRNA එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ප්‍රධාන වන බවත්, එය රෝහල්ගත වීමෙන් 90%ක ආරක්ෂාවක් සපයන බවයි.

Read More

තවත් දෙදෙනෙක් බේරාගෙන මාතර රෝහලට ඇතුළත් කර තිබේ. වැලිගම පදිංචිව සිටි අවුරුදු 12ක හා 15 ක ගැහැණු දරුවන් දෙදෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ.

Read More

තෙල් කාන්දුව නිසා ලීමා අගනුවර වෙරළ තීරයේ කොටසක් දුර්ගන්ධයෙන් සහ සත්ව මළකුණුවලින් කළු පටියක් බවට පත්ව ඇත්තේ, ටොංගා හි ගිනිකඳු පිපිරීමෙන් ඇති වූ හානිය පේරු වෙත ව්‍යාප්ත වෙමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.