අම්බලන්ගොඩ බටපොළ මාර්ගයේ පොල්වත්ත පදේශයේදී ඊයේ(31දා) ලොරි රථයක් හා යතුරු පදියක් මුහුණට මුහුණ ගැටී යතුරු පැදියෙන් ගමන් ගත් පියා හා පුතුගෙන් පියා මරුමුවට පත්වි පුතා බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
මේ අනතුරින් මිය හොස් ඇත්තේ අම්බලන්ගොඩ ගොඩහේන පදේශයේ පදිංචි අජිත් ආරියරත්න නමැති පනස් හැවිරිදි එක් දරු පියෙකුවූ සංගීත ගුරුවරයෙක් බවද පොලීසිය කියයිෙඅනතුරින් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ පාසලක දහ වැනි වසරේ ඉහෙනුම ලබන දරුවෙක් බවද පොලීසිය කියයි.
මේ රිය අනතුරට ලක්වූ ලොරි රථය ධාවනය කර ඇත්තේ මිය ගිය සංගීත ගුරුවරයාගෙන් සංගීතය ඉහෙන ගත් අයෙක් බවද පොලීසිය කියයි.
තමාට සංගීතය ඉගැන්වූ ගුරුවරයා ලොරි රථයේ හප්පා දමා මහ මග මරණයට පත් කොට ඒ දෙසවත් නොබලා මේ තැනැත්තා පලා ගොස් සිටියදී හික්කඩුවෙදී සැකපිට පශ්න කිරීම් සදහා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සංගීත ගුරුවරයා සිය පුතා අම්බලන්ගොඩ නගරයේ උපකාරක පන්තියකින් ගෙන අම්බලන්ගොඩ සිට ගොඩහේන දෙසට එමින් සිටියදී බටපොළ සිට අම්බලන්ගොඩ දෙසට එමින් සිටි ලොරි රථයක හැපී ඇති බවද පොලීසිය කියයි.
මේ රිය අනතුර ලොරි රථයේ රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය නිසා වූවක් බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවු බව පවසන පොලීසිය ඒ සම්බන්ධයෙන් අද(1දා)සැකකාර රියදුරාට එරෙහිව බලපිටිය අධිකරණයේ නඩු පවරන බව පැවසීය.
අම්බලන්ගොඩ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දුමින්ද කන්නන්ගර මහතා ඇතුලු පිරිසක් මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වති.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත