තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කල රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා රන් මාලයක් සමග කාන්තාවන් දෙදෙනකු සහ පුද්ගලයකු දෙහිවල, සමගි මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
එහි බර ගෑම් 241ක් හා මිලිග්රෑම් 480 ක් බව පොලිසිය කියයි,එම සැකකරු සැකකාරියන් සන්තකයේ තිබූ ජංගම දුරකථන තුනක් ද පොලිස් බාරයට ගෙන ඇත
මුදල් විශුද්ධි කිරිම, මුදල් විශුද්ධි කිරිමට උත්සහ කිරිම සහ තිරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට රත්රං ගෙන්විම යන වැරදි සිදු කල දෙහිවල හා කොළඹ 12 ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක පුද්ගලයකු සහ වයස අවුරුදු 35, 42 යන වයසේ පසුවන කාන්තාවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
