අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගය පුවතක් මන්නාරමින් වාර්තා වී තිබේ.
ඊයේ (31දා) අලුයම් කාලයේදී මන්නාරම, උයිලන්කුලම ප්‍ර දේශයේදි මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව්දොනකු හදිසි අසනීප තත්ත්වයක් මත මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී දෙදෙනෙක් මිය ගිය අතර මරණ සැක සහිත වීම නිසා මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබේ.
එහිදී සිදුකළ පරීක්ෂණයේදි හෙලිව ඇත්තේ මොවුන් දෙදෙනා අධිකව මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අවුරුදු 26 හා 34 වයස්වල පදිංචි තලෙයිමන්නාරම හා පේසාලේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අනෙක් දෙදෙනා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මන්නාරම රෝහලින් පිටව ගොස් තිබේ.