කන්දෙ විහාරයේ භාරකාරිත්වය යටතේ සිටින මුතු රාජා නැමැති හස්තියා මේ වන විට රොගාතුරව සිටින බවත් මෙම හස්තියාට වගකිවයුතු වෛද්‍යවරයෙක් විසින් ප්‍රථිකාර නොකලහොත් හස්තියාගේ තත්වය බරපතල විය හැකි බව පාරසරික හා සංසකෘතික අධ්‍යන මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්යක්ෂ සුජීව ජාසිංහ මහතා පැවසිය.
සුජීව ජාසිංහ මහතා මෙසේ පැවසුයේ මෙම හස්තියා රෝගාතුරව නිසි ප්‍රථිකාර නොලබන බවට සමාජ ජාලාවල පැතිරෙමින් යන පුවත සම්බන්ධව විමසේමේදිය.
මෙම හස්නියාට නිසියාකාරව ආහාර පාන නොලැබි ඇති බවත් මේ වන විට හස්තියා ගිරිඋල්ල ප්‍රෙද්ශයේ පෞද්ගලික ස්ථානයක නවතා ඇති අතර නිසියාකාරව ප්‍රථිකාර මෙම හස්ථියාට ලැබෙනවාද යන්න සැක සහති බවද ඒ මහතා පැවසිය.
රෝගාතුරව සිටින විටද මෙම හස්තියා පෙරහැර සඳහා සහභාගි කරවා ඇති බවත් මෙලෙසම තවත් හස්තින් කිහිප දෙනෙකුම රෝගාතුරව සිටින බවටද ආරංචි තමන් වෙත ලැබි ඇති බවද පාරසරික හා සංසකෘතික අධ්‍යන මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්යක්ෂ සුජීව ජාසිංහ මහතා පැවසිය.
මේ වන විට මෛ මුතු රාජා හස්තියාගේ දෙපා 4 ම පොහොර උර යොදා ගනිමින් ආවරණය කර ඇති අකාරයේ ඡායාරූප තමන් වෙත ලැබි ඇති බවත් මෙම හස්තියා බේරා ගැනිම සදහා රජයේ නිසි බලධාරින් කඩිනමින් පියවරක් ගත යුතු බවද සුජීව ජාසිංහ මහතා පැවැසිය.
මේ සම්බන්ධව කළ විමසීමකදි කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ මෙම් හස්තිරාජයා රෝගාතුරව ඇති බව තමා වෙත දැනගන්නට ලැබුනු බවත් එය සොයා බලා අවශ්‍ය කටයුතු කිරිම සඳහා නිලධාරින් දැනුවත් කළ බවත් ඒ සම්බන්ධව තොරතුරු හෙට හෝ අනිද්දා දිනයේදි තමා වෙත ලැබෙන බව අමාත්‍යවරයා පැවසිය.