බණ්ඩාරගම අටුලුගම ෆාතිමා අයීෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුව ජුනි 01 වනදා දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඊයේ (30) අත්අඩංගුවට ගත් අදාළ සැකකරුව ප්‍රශ්න කිරීම සඳහා රඳවාගැනීමේ නියෝග ගෙන තිබුණි. ඒ අනුව 'කොත්තු බාස්' නමින් හඳුන්වන සැකකාරව අද (31) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
පානදුර මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා විසින් අදාළ නියෝගය නිකුත් කර තිබුණි.
අටුලුගම පදිංචිව සිටි සැකකරු ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි තිදරු පියෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, පැහැර ගැනීම, අයුතු අවහිරය, ලිංගික අතවර කිරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම සහ සාපරාධි බලහත්කාරය පෑම ඇතුළු චෝදනා හයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.