කුරුවිට ගොකරඇල ප්‍රධාන මාර්ගයේ ගෝනපිටිය ප්‍රදේශයේ ගංවතුරට යටවි තිබූ මාර්ගයේ වතුරේ ගමන් කළ දෙදරු පියෙක් මීගහමුල්ල ඇලේ සැඩ පහරට ගසායාමෙන් මියගොස් ඇති බව අද (01දා) කුරුවිට පොලිසිය පැවසුවේය.
එසේ සැඩපහරට හසුව ගසාගෙන ගොස් මියගොස් තිබුණේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ලෙස සේවය කළ කුරුවිට මළව ලිපිනයේ පදිංචි යූ.ඒ. පුන්සිරි කරුණාසේන නැමැති හතළිස් එක් හැවිරිදි දෙදරු පියා බව ද පොලීසිය සඳහන් කළේය.
මියගිය තැනැත්තාට අයත් බවට සැකකරන යතුරු පැදියක් එම මාර්ගයේ පිහිටි ගෝනපිටිය සමූපකාරය අසල තිබූ හමුව ඇති බව ද පොලීසිය කීවේය. මියගිය තැනැත්තා යතුරු පැදියෙන් කිරිඇල්ල දෙස සිට ඊයේ (31දා) සන්ධ්‍යාවේ පැමිණ ගෝනපිටිය සමුපකාරය අසල ජලයෙන් යටවී තිබූ නිසා යතුරු පැදිය එතන නවතා පයින් ගංවතුරින් යටවු පාර දිගේ ඉදිරියට ගිය බවට තොරතුරු ලැබුණ බව ද පොලීසිය සඳහන් කළේය.
යතුරු පැදිය තිබූ ස්ථානයට මීටර් 300ක් පමණ දුරින් මිගහමුල්ල ඇලේ පාලම අසල රඹුටන් වගාවක සහිත පුද්ගලික ඉඩමක වතුර බැසගිය පසු අද පෙරවරුවේ මළසිරුර හමුවු බව ද පොලීසිය සඳහන් කළේය. සිරුර හමුවු ස්ථානට තරමක් නුදුරින් කුරුගඟ පිහිටි අතර මීගහමුල්ල ඇලේ ජලය කුරුගඟට එක්වෙන්නේ ද එතැනිනි. ගංවතුර දිනවල දී එම මාර්ගය හරහා තද සැඩපහරක් ඇති බව ප්‍රදේශවාසීහූ කීහ.
මියගිය තැනැත්තා උපාධිධාරියෙක් වූ අතර ඔහු කලක් නිවිතිගල යොවුන් සේනාංකයේ පුහුණුකරුවෙක් ලෙස ද කටයුතු කර තිබුණ බව පොලීසිය පැවසුවේය. කුරුවිට පෙලිස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මිණිපුර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.
අජිත්ලාල් ශාන්තඋදය