saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5828 hours ago

LATEST

කතානායකට කෝවිඩ්

calendar_today 2022 ජන 29 - 07:28 remove_red_eye - 216  

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් කිහිප දෙනෙකුටද කෝවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තා වේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇ.ඩො.බිලියන 12ක සීමාව පසු කරමින් ඇ.ඩො.බිලියන 12.5ක් උපයාගෙන තිබේ.

Read More

මෙය කොවිඩ්-19 ඇති කරන බහුවිධ ප්‍රභේද ඇතුළුව සියලුම කොරෝනා වෛරස්වලින් ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කරන එන්නතකි.

Read More

පානදුර පිහිටි ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙක් රුපියල් 150,000 ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද (28දා) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය

Read More

ශ්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු (Mevlüt Çavuşoğlu) මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙන්නේ දැනට භාවිතයේ පවතින එන්නත් ලබාගත් අයට පවා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමට ඉඩක් පැවතියත්, එමගින් රෝගය උත්සන්න වීම හෝ දැඩි සත්කාර එක්කයකට යොමුවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත වී තිබේ. අද දිනයේදී ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදි මේ බව තහවුරු වී තිබේ.

Read More

චීනය සඳෙහි ධ්‍රැවීය ප්‍රදේශ ගවේෂණය කිරීමට සූදානමින් සිටින අතර, මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් ගැනද කල්පනා කරමින් සිටියි.

Read More

තමාගේ සිවිල් අයිතිසිවාසිකම් අහෝසි කිරීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා කියයි.

Read More

නිලධාරීන්ගේ පුහුණු ඇකඩමියට අයත් ගුවන් යානය බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පැට්නා සිට කිලෝමීටර් 100ක් පමණ දකුණින් පිහිටි ගයා දිස්ත්‍රික්කයෙන් ගුවන්ගත වූ විගස මෙසේ කඩා වැටී ඇත.

Read More

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙක් නඩු තුනකින් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

2021 වසරේ මරණ අනුපාතිකය පෙර වසරට සාපේක්ෂව 15.1%කින් වැඩි වී ඇති බවත් සංඛ්‍යාලේඛන පෙන්වාදී ඇති අතර, එය වසංගතය මගින් උග්‍ර වූ බවද ඒජන්සිය පවසයි.

Read More

අධිකරණ අමාත්‍යංශයේ යුක්තියට ප්‍රවේශයක් (Access to Justice ) අධිකරණාභිමාන උතුරු පළාත් ජනඅභිමුව ජංගම සේවයට සමගාමීව රුපියල් මිලියන 309ක පිරිවැයක් දරමින් ඉදි කරන ලද මුලතිව් දිසා මහෙස්ත්‍රාත් අධිකරණය නිරීිෂණය කර නිල වශයෙන් විවෘත කිරීම අද (28දා) අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Read More

’’සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ඌවේ ප්‍රධාන ආර්ථික වෙළද මධ්‍යස්ථානයක් වන හපුතලේ නගරයේ කඳු පාමුල පිහිටි බෙරගල නගරය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කටයුතු මේ වන විට කඩිනමින් අවසන් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුඛයේ ශල්‍ය කර්මයකට ලක්වූ බවට පසුගියදා පළ කළ වාර්තා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම වෙරළ තීරයන් එක් දිනකදි පිරිසිදු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ’’සයුර රකින රැල්ල’’ වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන පසුගියදා ගාල්ල දෙවට වෙරළ තීරයේදී පැවැත්විණ . මෙම වැඩසටහන සඳහා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සහ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියහ.

Read More

කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවි කිරීම, පරීක්ෂා කිරීමේ වැඩසටහන පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කරන බව ඊයේ (27දා) දැනුම් දුන්නත් ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු එය කල් දමා ඇති බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.එන්.අකුරන්තිලක මහතා අද (28දා) සඳහන් කළේය.

Read More

ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී , එරට දී මිය ගිය ශ්‍රී ලාංකීය ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27දා) රාත්‍රී ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට පියවර ගෙන තිබුණි .

Read More

තුර්කියේ විදේශ අමාත්‍ය මෙව්ලට් කැව්යුස්ග්ලූ මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවට අයත් ගලි බවුසරය තුළ තිබියදී ටී81 වර්ගයේ ජීව උණ්ඩ 85ක් හමුව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි.

Read More

ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පූගොඩ පොලිස්ථානාධිපතිවරයාට පහර දීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ .

Read More

දැනට අපේ රටේ බහුලව භාවිතා කරන ප්ලාස්ටික් හැඳි නිසා සිදුවන පාරිසරික හානිය ගැන අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප රට තුළ මාසයකට ප්ලාස්ටික් හැඳි මිලියන 50ක් වශයෙන් වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600ක් භාවිතයෙන් පසු පරිසරයට මුදා හරින බව සඳහන් කළේය. විශේෂයෙන් යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීම සඳහා මෙන්ම ආහාර සකස් කරන ආයතන විසින් ද බහුලව ප්ලාස්ටික් හැඳි පාරිභොගිකයින් වෙත නිකුත් කෙරේ. මේවා භාවිතා කරන්නේ එක් වරක් පමණි.

Read More

හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන ධාවනය වු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි දහසය දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට අද (28) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්විය.

Read More

වසංගතයේ මුල් කාලපරිච්ඡේදය තුළ යුරෝපයේ වෛරස කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ ස්පාඤ්ඤය, 2020 ඔක්තෝබර් මාසයේදී ආසාදිතයන් මිලියනයක් වාර්තා වූ ලොව ප්‍රථම රට බවට පත්විය.

Read More

වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු මහා පරිමාණ මහවැලි ජලාශ තුළ පාවෙන සූර්ය පැනල සවිකොට පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි .

Read More

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

ආපදා සහන සහ පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණය සඳහා රට වෙත හදිසි සැපයුම් ලබාදීම සඳහා චීන අලුත් අවුරුද්දට දිනකට පෙර, එනම් ජනවාරි 31 වැනි දින නාවික යාත්‍රා එවන බව චීන හමුදාව පිටත්ව යාමට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේය.

Read More

ජනවාරි 31 දා තෙක් විදුලිය කැපීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සදහා නව පත්වීම් ලද අධ්‍යක්ෂ මණ්ඩලය ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය යන මහත්වරුන් හමුව පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.