ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා අතර හමුවක් සිදුවිය. ඒ ඊයේ (02දා) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදීය.
රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර පක්ෂ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයාද චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරිහු දෙදෙනෙක්ද එක්වූහ.
