saravita-anim2

2026 ජනවාරි මස 28 වන බදාදා

2026 ජනවාරි මස 28 වන බදාදා

Latest News - timelapse 6073 hours ago

LATEST

පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ආ පයින්ම යයි

calendar_today 2022 අප්‍රේ 07 - 10:13 remove_red_eye - 3737  

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිවාරය එක්වීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

පැය හය හමාරක විදුලි කප්පාදුව මේ සතියේ සිකුරාදා දක්වා තිබෙනවා. සති අන්තයේදී ඉල්ලුම අඩුවීම නිසා විදුලි කප්පාදුව අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉන්දියන් ණය පහසුකමින් අපිට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලැබෙනවා. කලින් මුදල් ගෙවපු තෙල් එකක් 7 වෙනිදා ලංකාවට එන්න නියමිතයි. සුමානයක් විතර නැංගුරම් ලා තිබුණ නෞකාවට සල්ලි වෙන්කරා කියලා දැනගන්න ලැබුණා. සිංහල දෙමළ අවුරුද්ද එන නිසා විදුලි කප්පාදුව අඩුකරලා මහජනතාවට සහනයක් ලබාදීම මහජ උපයෝගීතා කොමිෂන් සභාවේ මූලික කාර

Read More

නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින්ම මෙම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට සිදු වෙනු ඇත.

Read More

මෙම ජනාධිපතිවරයා පැවසුවේ ජනපති නිලවරණයට ඉදිරිපත් වීමට තමාව පෙලඹවූයේ වැටුප නොවන බවයි. බලයට පත්වූ දා සිට අද දක්වා ජනතාවගේ ජීවිතය යහපත් කරන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමුකිරීම අංක එක වූ බවයි.

Read More

ලොව ඕනෑම තැනක සිටින ඇමෙරිකානු පුරවැසියන්ට රුසියාව සමග කිසිදු ආයෝජනයක් සහ ගනුදෙනු තහනම් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අද (07දා) විධායක නියෝගයකට අත්සන් කිරීමට නියමිතව තිබේ.

Read More

මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පිළිබඳ සැලකීමේදී පෙනී යයි. ඒ අනුව පසුගිය 05වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,997දෙනෙකු පමණි.

Read More

යුක්රේනයේ සිදුවූයේ යැයි කියන සාහසික ක්‍රියා උපුටා දක්වමින් එක්සත් ජනපදය තවත් රුසියානු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සම්බාධක පනවා ඇත.

Read More

අලුත් අවුරුද්ද සඳහා ප්‍රධාන නගරවල සිට ජනතාවට ගම්බිම්වලට යෑම සඳහා මෙවර විශේෂ දුම්රිය දෙකක් පමණක්ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Read More

රුසියාව සහ චීනය වත්මන් ලෝක න්‍යායට අභියෝග කරන බව අමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පවසා තිබේ.

Read More

ජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා තනතුරින් ඉවත්කළ නොහැකි බවත්, ඒ සඳහා දෝෂාභියෝගයක් ගෙන ආ යුතු අතර, එසේ නොමැති නම් ජනාධිපතිවරයා තනතුරුන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ට අනුව චීනය විසින් ආරක්ෂාවට පද්ධතිමය අභියෝගයක් ඉදිරිපත් කර ඇති බව කියයි.

Read More

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළඳසැලකට ලබාදුන් පුද්ගලයෙකුට අදාල වෙළඳසැල් හිමිකරුවන් විසින් ඊයේ (05දා) සවස දැඩි විරෝධය පෑමෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.

Read More

හපුතලේ උඩවිහාරගල රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පස්දෙනෙකු ඒ සඳහා යොදාගත් ආයුධ හා සෙසු පූජා භාණ්ඩ ද සමග අද (06දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

Read More

පෙරපාසල නිමාවී නිවසට යමින් සිටි දැරියකගේ හිස මතට රිළවෙකු සොළවමින් සිටි ගසක අත්තක් කඩා වැටිම හේතුවෙන් එම දැරිය අද (06දා) අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ නෙල්ලිවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙන බව පොලිසිය පවසයි.

Read More

අද වන විට මේ රටේ තරුණ පරපුර ප්‍රමුඛ කරගත් සාමාන්‍ය සිවිල් ජනතාව රට වෙනුවෙන් වූ තම යුතුකම ඉටුකිරීම සඳහා ස්වෙච්ඡාවෙන්ම පෙරට පැමිණ තිබේ. එය අතිශයින්ම ප්‍රශංසා කළයුතු දෙයකි. ඔවුන් වෙත මුළු මහත් ජාතියේම ගෞරවය හිමිවිය යුතු බව අද (06දා) කොළඹ දී සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් හදිසියේ කැඳවා තිබේ. ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මෙම පාසල් වාරය සඳහා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩුව අද (06දා) ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒ අනුව නව පාසල් වාරය ලබන 18දා ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

කොළඹ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු විවිධ පාර්ශවයන් විසින් ළමයින් සහභාගි කරගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි අතර ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇත.

Read More

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි කාර්යාලය මේ වන විට විරෝධතාකරුවන් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. එ සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙයි.

Read More

ගෑස් නොමැතිව පැය 10 ක පමණ කාලයක් පෝලිමේ රැඳී සිටීමෙන් උරණවූ ගැස් පාරිභෝගිකයින් පිරිසක් අද (06දා) පස්වරුවේ පානදුර රන්කොත් විහාරය ඉදිරිපිට මාර්ගය ගෑස් සිලින්ඩර යොදා වසා දමා විරෝධතාවයක නිරත වූහ.

Read More

රට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා ජනපතිධුරයට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ජනතා වරම අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවුරුදු 5ක කාලසීමාවක් පවතින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ඩීසල් ඉන්ධන රැගත් ධාවනය වෙමින් තිබු බවුසරයක් නොර්වුඩ් මංසන්ධියේදි ධාවනය කිරිමට ඉඩ ලබානොදි අවහිර කිරිමේ චෝදනාව යටතේ නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් අද (06දා) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 08දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

Read More

මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 308.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙය ඇමෙරිකානු ඩොලරයක් සඳහා මහ බැංකුව නිකුත් කළ වැඩිම අගය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.1ක් විය.

Read More

කහවත්ත වටාපොත මාර්ගයේ දි පුද්ගලික බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරළිමෙන් තිදෙනකුට තුවාල සිදුවි කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ .

Read More

ඒක තමයි අපේ පක්ෂයේ වැඩේ. ඔයගොල්ලෝ හිතවනද මේ නිකම් මෝඩ කමට බෙල්ල දෙන්න යනවා කියලා. මම පාර්ලිමේන්තුවෙන් එළියට යන්න පෙර දැනුම් දුන්නා මම එළියට එනවා කියලා. අපේ සහෝදරවරු කිහිප දෙනෙක් හිටියා. මම හෙටත් එහෙම කරනවා. ලාභෙට අපේ ජීවිත බිලි දෙන්නේ නෑ.

Read More

මේ වසරේ මුල් කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,412ක ආයෝජන යෝජනා 33ක් ලැබී ඇති බව ආයෝජන මණ්ඩලය අද (06දා) සඳහන් කරයි .

Read More

වත්මන් නීතිපතිවරයා කටයුතු කරන ආකාරයට විරෝධය දැක්වීමක් ලෙස ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දීමත් සමඟ අද (06දා) පැවති මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

Read More

යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.