saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6191 hours ago

LATEST

ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට තැත්කළ 21ක් කොටුවෙයි

calendar_today 2022 මැයි 19 - 12:21 remove_red_eye - 308  

මඩකලපුවේ සිට ඕස්ට්‍රේලියාවට යාමට තැත්කල 21 දෙනෙකු අද (19දා) උදේ නාවික හමුදාව විසින් අල්ලා කාත්තාන්කුඩි පොලිසියට බාර දුන් බව ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතා පවසයි.

ඊයේ රාත්‍රී 10.30ට තමයි ගරු අග්‍රාමාත්‍යතුමාත් ජනාධිපතිතුමත් කථා කරලා එලියේ තියෙන නෞකාවට මුදල් ටික ගෙව්වේ. අද උදේ 8.30ට තමයි නෞකාව අපේ වරායට ආවේ. අද රාත්‍රීය වෙනවා නෞකාවෙන් ඉන්ධන ගොඩබාන්න. ඒ ගොඩබාලා දවස් දෙකක් යනවා අනිවාර්යයෙන්ම මේ හැම ඉන්ධන පිරවුම්හලකටම ඉන්ධන ලබාදෙන්න. ඒ නිසා කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රැස්වෙලා ඉන්න එපා අපිට අද දිනයේදී පෙට්‍රල් ලබාදීමට විදිහක් නෑ

Read More

’’පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා.’’ මහ බැංකු අධිපති කියයි.

Read More

වෙළඳපොලේ වටිනාකමට සතයක අඩුවෙන් අපි ඉන්ධන ලබාදීලා නෑ. ඉදිරියටත් අපි දෙන්නේ නෑ. මාධ්‍ය මේක නොදන නෙමෙයි වෛරය හිතා මතා ඇති කරන්න කරපු දෙයක්.

Read More

’’මෙම බිය උපදවන සංඛ්‍යා සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙනවා. අපි මිනිසුන්ට පෝෂණය නොකරන්නේ නම්, අපි ගැටුම් පෝෂණය කරනවා.’’ ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසීය.

Read More

අපි මාතර දිස්ත්‍රික්කයේ එහා කෙළවරේ ඉදලා එන්නේ පැය ගාණක් පෝලිමේ ඉදලා තෙල් ගහගෙන. කොළඹින් ආයෙත් යනකොට තෙල් ගහන්න තැනක් නෑ. ඊයේ පැය හතරක් මාදිවෙල සෙඩ් එකේ පෝලිමේ ඉදලා තමයි මගේ රියදුරු තෙල් ගහ ගත්තේ. පැය හතරක්. අද තෙල් පෝලිමක් ළගින් තෙල් ගහන්න නෙමෙයි මේ 225 එකෙකුටවත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.මරුම් කන්න වෙනවා. මිනිස්සු එච්චර වෛරයකින් ඉන්නේ.

Read More

දශක හතරකට වැඩි කාලයක් තුළ ඉහළම මිල ගණන් යටතේ අප්‍රේල් මාසයේදී එරට පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ.

Read More

බූස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ තිබු ත්‍රිරෝද රථ පහකට හා මෝටර් රථයක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂකවරයෙකු අද (19දා) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.

Read More

“මන්ත්‍රීවරුන්ට රුපියල් 121ට ඩිසල් දෙනවා කියන්නේ මේක මහ පජාත වැඩක්. මගෙ බල්ලෙක්වත් එතනින් ඩීසල් අරගෙනත් නෑ, ගන්නෙත් නෑ. ඔය පුටුවේ වාඩි වෙලා හිටපු කරූ ජයසූරිය මහත්තයා මන්ත්‍රීවරුන්ට දෙන්නේ කල්කිරි එහෙම නැත්නම් ප්‍රෙෂ් මිල්ක් මන්ත්‍රීවරු බය වෙන්න එපා කියපු දවසේ මම පාර්ලිමේන්තුවෙන් තේ එකත් බොන එකත් නැවැත්තුවා මොකද එළියේ මිනිස්සුන්ට වහ පිටිකිරි දෙදදී මන්ත්‍රිවරුන් ප්‍රේෂ් මිල්ක් හෝ කල්කිරිදීම මම සැලකුවා බලු වැඩක් විදිහට.

Read More

’’මානව වර්ගයා අපගේ එකම නිවහන පුළුස්සා දැමීමට පෙර පොසිල ඉන්ධන දූෂණය අවසන් කර පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කළ යුතුයි’’ ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.

Read More

එහිදී එක් අවස්ථාවක ඉන්ධන මීටරය තුළ ලීටරයක මිල රුපියල් 121.19ක් ලෙස සටහන්ව තිබෙන අයුරු දක්නට ලැබෙයි. සාමාන්‍ය වෙළඳපොළ තුළ ඩීසල් වේවා ප්‍රෙට්‍රල් වේවා සාමාන්‍ය ජනතාව වෙත අලෙවි කරන්නේ ඊට වඩා වැඩි මිල ගණන් යටතේය.

Read More

ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයින් 34දෙනාට සති දෙකක් ඇතුළත රුසියාවෙන් පිටවන ලෙස නියෝග කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

Read More

දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට සැම එලවළු වර්ගයකම මිල ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු වෙලෙන්දන් පවසති.

Read More

චීනය-එක්සත් ජනපද සබඳතා සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිකරගත් වැදගත් එකඟතාව දෙරට උනන්දුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව යැං පැවසීය.

Read More

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මතට විශාල පිහිඹියා ගසක් කඩාවැටීමෙන් එම මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත.

Read More

කථානායකවරයා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත්පිට මුදලට තාවකාලිකව ඉන්ධන ලබාදීම සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම ඉල්ලීමට අනුව සතියක කාලයක් සඳහා මේ ආකාරයට ඉන්ධන ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, පිරවුම්හලට අවශ්‍ය ඉන්ධන තොග තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

Read More

පිරිපහදුව වසා දමා අදට (19දා) මාස දෙකක් ගත වී තිබෙන බවත්, මෙම මාස දෙකක කාලය සඳහා සේවක වැටුප් සඳහා රුපියල් කෝටි 32ක මුදලක් වැය වී තිබෙන බවත් ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

බන්ධනාගාර තුළ යහපත් ලෙස කටයුතු කරන රැඳවියන්ට නිවැසියන් සමග කාලය ගත කිරීම සඳහා නිවාස නිවාඩු යැවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා ඩීසල් ලබාදීම වෙනුවෙන් චීනය ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව තවමත් ප්‍රතිචාර දක්වා නැති බව ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී මෙම තීරණය ගත් බව දැනුම් දෙයි.

Read More

හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර කාර්යාලය පිහිටි නිවසට ඇතුළු වූ කලහකාරීන් පිරිසක් නිවසේ අල්මාරියක තිබූ මිලියන 12ක් පමණ වටිනා රන් පවුම් 60ක් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

Read More

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන මුද්දර සහනය වහාම අවලංගු කළ යුතු බවත්, එසේ නොමැති නම් අදාළ සහනය වෙනුවෙන් තැපල් දෙපාර්තමේන්තුව මුදල් ගෙවි යුතු බවත් ශ්‍රී ලංකා තැපල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

යල කන්නයේ වගා කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබා දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා තීරණය කර ඇත.

Read More

රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් ඉදිරිපත් කළ යෝජනා 6ට පූර්ණ එකඟතාව පළ කරන බවත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණුකල පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.

Read More

මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහර දී ගිනි තබා දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් වලට සමගාමීව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනි අවියක් අස්ථානගත වී ඇති බව පොලීසිය කියයි.

Read More

13 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නිලධාරීන් 74 ක් සහ නාවිකයන් 2010ක් ඊලඟ නිලයට සහ තරාතිරමට උසස් කර ඇත.

Read More

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට හා ගෝල්ෆේස් පිටියේ පවත්වාගෙන ගිය සාමකාමී විරෝධතා සඳහා පහරදීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක එළැඹෙන 25දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියොග කර තිබේ.

Read More

ගෙලිඔය ඉන්ධනහලට අද දිනයේදී පැමිණි ඩිසල් රැගත් තෙල් සැපයුම් බවුසරයේ ජලය ඇති බවට ඇති වු විරෝධතාවය පේරාදෙණිය පොලීසිය මැදිහත්විමෙන් සමතයකට පත් කර ගැනිමට හැකිවි ඇත.

Read More

මහලොකු දෙයක් විදිහට ලැබෙන බලපත්‍රය ගැන තමයි ජනතාව කථා කරන්නේ. එහෙම නැත්නම් ජනතාව හිතනවා අවුරුද්දේ දවස් 365ම පවුලේ සියලු දෙනා අරගෙන ඇවිත් මේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් රජ බොජුන් කනවා කියලා. මාසෙට උපරිමයෙන් ඕනනම් මන්ත්‍රීවරයෙක් දවස් තුන හතරක් කෑම කයි. අපි ලියුමකුත් අත්සන් කළා සාමානය මුදලකට සාමානය කෑමවේලක් අරගෙන දෙන්න ඒකට සම්පූර්ණ මුදල අය කරන්න කියලා අපි යෝජනා කරනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.