saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5740 hours ago

LATEST

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ගැටළු විසඳීමට ව්‍යපාර සේවා මධ්‍යස්ථාන

calendar_today 2022 පෙබ 22 - 16:56 remove_red_eye - 243  

මෙරට ජාතික ආර්ථිකයට කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික කොටස 50% ට වැඩි දායකත්වයක් ලබා දෙන බවත් මූල්‍ය ආයතන අතර මෙම පිරිස අවිධිමත් ක්‍රමවේද භාවිතා කරන ව්‍යාපාරික කණ්ඩායම් ලෙස පිළිගැනීම මග හරිමින් විධිමත් ක්‍රමවේද භාවිතා කරන පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් සමෘද්ධි අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ව්‍යාපාර සේ

දකුණේ කළමනාකරණ සේවා නිලධාරීන් අද (22දා) ගාල්ලේ සංවිධානය කළ උද්ඝෝෂණය පොලීසිය- උද්ඝෝෂණකරුවන් අතර ඉතා උණුසුම් විය.කළමනාකරණ සේවා රාජකාරි වෙනත් සේවාවන්ට පැවරීම නතර කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි.

Read More

පුද්ගලික රෝහලක නාමය භාවිත කර විදේශ ගත වන පුද්ගලයින් සඳහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්සණ වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දේශපාලනික වශයෙන් අතරමංවී සිටි සමහර හවුල්කාර පක්ෂ මහමැතිවරණයේදී තම පක්ෂය සමග එකතු වී අඟේ සිට කන කමින් සිටින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

මේ රටේ පංච මහා බලවේගය ජීවත්වීමේ අයිතිය ඉල්ලා මහ පාරේ සටන් කරද්දී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් එහි ප්‍රතිපත්ති අමතක කොට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා තම හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි බැවින් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව , එහි උප සභාපති හා කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක , හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවසීය .

Read More

ඌරගස්මන්හන්දිය කොරකින ප්‍රදේශයේ රැදී සිටි කාන්තාවන් දෙදෙනෙකු ලග තිබී හෙරොයින් මිලිග්‍රෑම් 12600 ක් සමග අද (22දා) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි.

Read More

රෝහල් පරිපාලකයන්ගේ විද්‍යායතනය මෙම වර්ෂය සඳහා නියෝජ්‍ය සභාපති ධුරයට තෝරා ගැනීම සඳහා පැවති නිලවරණයේදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශෙෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ජයග්‍රහය කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ව්.වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්කරමිනි

Read More

වගාව මේ මට්ටමට ගෙන එන්න විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩිය ගියා. වල් අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න ඉඩම වටේ අලි අගල් අරින්න තවත් ලක්ෂ 5 ක් විතර වියදම් වුණා. සේරම ගනන් බලපුහාම ලක්ෂ 17 ක් විතර වගාවට වියදම් කරලා මගේ මහන්සිය නැතුව.

Read More

තලවතුගොඩ වික්‍රමසිංහපුර නිවාස සංකීර්ණයේ දෙමහල් නිවසක් තුළ නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුට ගත් බව ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ඒකකය පවසයි.

Read More

භානුක රාජපක්ෂ යළිත් කණ්ඩායමට එක්කරන ලෙස ක්‍රිකට් ආයතනයට බල කරමින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දෙයි.

Read More

තෙල් නැව බාන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 36ක් නොමැති නිසා ’වෙස්ට් කෝස්ට්’ බලාගාරයේ මෙගාවොට් 300ත් අද සිට අහිමි වන බවත්, විදුලිය අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොළඹ 03 ප්‍ර දේශයේ කාමර 652ක් සහිත සුඛෝපබෝගී නගර හෝටලයක් ඉදිකිරීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

Read More

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණයකර, ධාවනයට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More

යම් විදිහකට මිල වෙනස්වීමක් ඉදිරියේ සිදුවෙන්න පුළුවන්. ඒක දැනටමත් අරගෙන නෑ. නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් වුණොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන තීරණයේ අපි දැඩි ලෙස ඉන්නවා.

Read More

සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීීීීීමක් කළේය. ඒ් ඊයේ (21දා) පැවති කැබිනට් රැස්වීමේ දී විදුලි බල හා ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා වු අවස්ථාවේ දි ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

Read More

භානුක රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්. ඔහු තෝරා නොගැනීමට හේතු දන්වා තිබෙනවා. ඒ හේතු ප්‍රකාශ නොකර ඉමු. මේ භානුකගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙමෙයි. ඔහු දක්ෂයෙක් හැකියාවක් තිබෙනවා. භානුක හොඳ COME BACK එකක් දේවි

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇත්දැයි යන්න පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාව විසින් වාර්තාවක් කැඳවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අතිඋතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් ඊයේ (21දා) බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක වල සංචාරයක නිරතවිය.ප්‍රථමයෙන් හල්දුම්මුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ ආගමික වතාවන්ට එක්වූ උන්වහන්සේ අනතුරුව බදුල්ල ශාන්තමරියා ආසනමැදුර දේවස්ථානයට වැඩම කළහ.

Read More

“විශේෂ භාණ්ඩ හා සේවා බදු” පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

Read More

පල්ලම සේරුකැලේ රතඹලාඔය පැරණි පාලමේ යකඩ විවිධ පිරිස් ප්‍රසිද්ධියේ කපා ගෙන යාම සිදු වුවද බළධාරින් නිහඩව සිටින බව ජනතාව පවසති. ඔවුන් පවසන්නේ හලාවත ආණමඩුව මාර්ගය කාපට් කිරීමත් සමග රතඹලා ඔය හරහා ඉදිකර තිබූ පැරණි යකඩ පාලම ප්‍රමාණයෙන් කුඩා වීමත් සමග නව යකඩ පාලමක් ඉදි කිරීම සිදුවු බවයි.

Read More

ශ්‍රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා තිබෙන තෙල් නැව් තුනට කුමන ආකාරයකින් හෝ මුදල් ගෙවා මිලදී ගමු යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදලින් රුපියල් බිලියන 20ක් ගෙවා ඇති බව වාර්තා වේ. ඒ අනුව තවත් රුපියල් බිලියන 80ක් ගෙවීමට ඇති බවද වාර්තා විය.

Read More

(LONG READS) සෑම වසරකම පෙබරවාරි 22 දින ලෝක බාලදක්ෂ දිනය ලෙස නම් කරන්නේ, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවෙල් මහතාගේ උපන් දිනය පෙබරවාරි මස 22 (1857/02/22) දාට යෙදී තිබීම නිසාය. එම දිනය වෙනුවෙන් මෙලෙස අතීත මතක දිගහරිනුයේ (බොරැල්ල) 29 කොළඹ කණ්ඩායමේ බාලදක්ෂයෙකු ලෙස කටයුතු කළ වර්තමානයේ අසූපස් වියේ පසුවන පියසේන වල්පොළ මහතායි.බාලදක්ෂ ව්‍යාපාරයට සාමාන්‍යයෙන් සාමාජිකයන් ලෙස බැඳෙන්නේ පාසල් වියේ පසුවන ළමයින්ය.

Read More

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් තම නේවාසිකාගාරවල ජල පහසුකම් නොමැති බව පවසමින් අද (22දා) පෙරවරුවේ රාජකාරී වලින් ඉවත්ව සිටීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයකට පත් වූහ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක් වරකදී ලබාගත් වැඩිම ණය මුදල ලබා ගත්තේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

වාහන ආනයන කිරීම තහනම් කිරීම හරහා ආර්ථිකයට ලැබීමට තිබූ වාසිය ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අහමිවී ගිය බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

පාස්කු කොමිෂමේ ජාතික ආරක්ෂාවට වැදගත් කරුණු කිහිපයක් හැරෙන්නට සෙසු සියලු කරුණු පාර්ලිමේන්තුවට හා ජනතාවට ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

වත්මන් ආණ්ඩුවේ දීර්ඝතම වේලාවක් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (21දා) පැවැත්විණි. ඒ අනුව පැය 05ක කාලයක් කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කර තිබේ. ඒ ඔහු කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද ’ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.